මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපනයන සැකසුම් සහ අපනයන සේවා සපයන ගම්මාන 5000ක්

    නොවැම්බර් 25, 2018

    ශ්‍රී ලංකාව තුළ උතුරු නැඟෙනහිර ප්‍රදේශ ඇතුළුව සමස්ත රට ආවරණය වන පරිදි අපනයන සැකසුම් සහ  අපනයන සේවා සපයන ගම්මාන 5000ක් පිහිටුවීමට උපදෙස් ලබාදුන් බව ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන  ප්‍රවර්ධන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා අද (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසී ය.

    ඉතාම කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකාව තුළ උතුරු නැඟෙනහිර ප්‍රදේශ ඇතුළුව සමස්ත රට ආවරණය වන පරිදි  අපනයන සැකසුම් සහ අපනයන සේවා සපයන ගම්මාන 5000ක් ඇති කරන්න උපදෙස් ලබාදී තිබෙනවා.

    ගම ඇතුළු අපනයන ව්‍යවසායකයින් පිරිසක් බිහි කරනවා. කුළී ගොවියන් නොවේ බිහි කරන්නේ. ගැමියන්ගේ දායකත්වය වැඩි නවීකරණය වූ සමාගමක් ගම තුළ සකස් වෙනවා. අපනයන වෙලඳපොළට ගම සම්බන්ධ වන වැඩපිළිවෙලක් ඒ අනුව සකස් වෙනවා. ගම සෘජුව අපනයන වෙළඳපොළට අපනයන සංවර්ධන මණ්ඩලය හරහා ඒකාබද්ධ කිරීමේ වැඩසටහනක් සකස්  කිරීම සඳහා උපදෙස් ලබාදී තිබෙන බව අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya