අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයෝජන ප්‍රවර්ධන,බදු විමුක්ති පැකේජයක් - ආයෝජන නිදහසේ රට තුළට ගෙන එන්න නීතිමය රැකවරණයක්

    නොවැම්බර් 25, 2018

    ආයෝජන ප්‍රවර්ධන, බදු විමුක්ති පැකේජයක් හදුන්වාදීමට පියවර ගන්නා බවත් ලංකා ඉතිහාසයේ කිසිම රජයක්  ලබා නොදුන් රාජ්‍ය මූල්‍ය හා බදු සහන පැකේජයක් යටතේ නිශ්චිත ව්‍යාපෘති සඳහා ආයෝජන නිදහසේ රට තුළට ගෙන එන්න නීතිමය රැකවරණයක් ලබාදෙන බවත් ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය  බන්දුල ගුණවර්ධන මහතා අද (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

    එහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    පළමු අයවැය ලේකනයෙන් පසු පලමු වර්ෂය තුළ දී ඩොලරයේ අගය පහළට ගෙන ඒමටත් දෙවැනි වර්ෂයේ දී  140 දක්වා පහළට ගෙන ඒමටත් ඉලක්ක කරගත් ආයෝජන ප්‍රවර්ධන,අපනයන ප්‍රවර්ධන,ආනයන ආදේශන  කර්මාන්ත ඇති කරන ජාතික  වැඩසටහනක් සකස් කර තිබෙනවා. ආයෝජන ප්‍රවර්ධන, බදු විමුක්ති පැකේජයක් හදුන්වාදීමට පියවර ගන්නවා.

    පසුගිය රජය ගෙන ගිය ස්වජාතික ව්‍යවසායකයින් වැනසීමේ ප්‍රතිපත්තිය කරන කොට ගෙන ස්වජාතිකයන් විශාල  ප්‍රමාණයක් තමන් සතු මුදල් විදේශයන් හි රඳවාගෙන තිබෙනවා.බදු දඬයම යටතේ,විදේශයෙන් එන  ආදායම්වලින් රජය බදු අය කරන්න පටන් ගත්තා. පුද්ගලික අංශයට විශාල පලිගැනීමක් කළා.අතීතයට බලපාන  ලෙස බදු අය කළා. අසාමාන්‍ය ලෙස පුද්ගලික අංශය බිය වැද්දීමකට ලක් කළා. ඒ නිසා මෙම මුදල් වෙන් රටවල  තිබ්බා.

    ඒ නිසා   ලංකා ඉතිහාසයේ කිසිම රජයක් ලබා නොදුන් රාජ්‍ය මූල්‍ය හා බදු  සහන පැකේජයක් යටතේ නිශ්චිත ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම සඳහා නිදහසේ රට තුළට ගල එන්න  නීතිමය රැකවරණයක් ලබාදෙනවා.රටේ බදු නීතිය තුළින් එසේ රඳවාගෙන සිටීමට දඬුවම් කරන්නේ නෑ. කිසිදු බදු ගෙවීමකින් තොරව මුදල් අමාත්‍යාංශය අනුමත කළ ආයෝජනවල ආයෝජනය කරන්න පුළුවන් බදු සහනයක් සහිතව. මෙම බදු විමුක්ති පැකේජය තුළින් ඇමෙරිකානු ඩොලර් බිලියන 8-10 අතර ප්‍රමාණයක් ඉදිරි වර්ෂ දෙක තුළ ලංකාවට පැමිණෙයි කියලා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya