අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපනයනය දිරිගැන්වීමට විසිතුරු ශාක පැළ නිෂ්පාදනය පිළිබඳ තාක්ෂණික වැඩමුළුවක්

    නොවැම්බර් 25, 2018

    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජාතික ශාක නිරෝධායන සේවාව‚ ජාතික උද්හිද උද්‍යාන දෙපාර්තුමේන්තුව හා විසිතුරු පැළ අපනයන ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ගේ සහයෝගීත්වයෙන් අපනයනය සඳහා විසිතුරු පැළ නිෂ්පාදනය පිළිබඳ එක් දින තාක්ෂණික වැඩමුළුවක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල ශ්‍රවණාගාරයේ දී (3වන මහල) 2018 දෙසැම්බර් 04 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.


    මෙම වැඩමුළුවේ අරමුණ වන්නේ විසිතුරු පැළ අපනයනය සඳහා නව ආයෝජන දිරිමත් කිරීම හා නිෂ්පාදන වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම යි. විසිතුරු පැළ හා පත්‍ර අපනයනකරුවන් / අපනයන විභවයක් සහිත පුද්ගලයන්/ සැපයුම්කරුවන් වෙනුවෙන් වැඩමුළුව සංවිධානය කෙරේ.


    ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවියේ පහත සදහන් වෙබ් සබැඳිය http://www.edb.gov.lk/event මගින් 2018 නොවැම්බර් 30 වන දිනට පෙර ලියාපදිංචි විය යුතු අතර පළමුව ලියාපදිංචි වන සීමිත පිරිසක් සඳහා පමණක් මෙහිදී අවස්ථාව ලබාදෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya