මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

    නොවැම්බර් 25, 2018

    දිවයිනේ නිරිත දිග සහ වයඹ ප්‍රදේශ වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වී පසුව සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේදී වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලට පැතිරයයි. මධ්‍යම, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක. මධ්‍යම සහ සබරගමුව පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බවද කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya