මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි ජලය රැස්කිරීම තුළින් ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය නොවැම්බර් 28 දා

    නොවැම්බර් 24, 2018

    ලංකා වැසි ජල රැස්කරන්නන්ගේ සංසදය හා නගර සැලසුම් ජල සම්පාදන අමාත්‍යාංශය හා ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතන(IWMI)එක්ව සංවිධානය කරනු ලබන වැසි ජලය රැස්කිරීම තුළින් ජලසුරක්ෂිතතාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය ලබන 28 හා 29 යන දිනයන්හි පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි ජාත්‍යන්තර ජල කළමනාකරණ ආයතන(IWMI) ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

    සමුළුවේ සමාරම්භක උත්සවය නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය ආචාර්ය එම්.එල්.ඒ.එම්.හිසබුල්ලාහ් මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහානගරහා බස්නාහිර සංවර්ධන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඩී.ජී.එම්. වී හපුආරච්චි මහතා සහභාගීවන අතර ප්‍රධාන කථිකයන් ලෙස ආචාර්ය හෙරත් මන්තිලක හා ආචාර්ය ෆ්‍රෑන්ක් රිජ්ස්බ්ර්මන් යන මහත්වරු සහභාගී වෙති.

    සමුළුව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජන අයතනය(USAID) අනුග්‍රහයෙන් පැවැත්වේ. මෙම සමුළුවට ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, මහා බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් සහභාගීවන්නන් විසින් ඔවුන්ගේ පර්යේෂණ ,ප්‍රායෝගික යෙදීම් සහ සිද්ධි අධ්‍යයනයන් ඉදිරීපත් කිරීමට නියමිතය.

    මෙම සම්මේලනයේ මූලික පරමාර්ථය වන්නේ නව සොයා ගැනීම්,නැඹුරුතා සහ වැසි ජලය රැස්කිරීම තුළින් ජල සුරක්ෂිතතාව ඇති කිරීම පිළිබඳ අවධානය යොමු කිරීම සඳහා වෘතීයවේදීන් සහ ක්‍රියාකාරීන්ට අවශ්‍ය අවකාශය සලසා දීම වේ. තව දුරටත් මේ තුළින් වැසි ජල රැස්කිරීම පිළිබඳ ජාතික හා ජාත්‍යන්තර විශේෂඥයන් අතර සම්බන්ධතා ගොඩනගා ගැනීම ද අරමුණ වේ.මෙම සම්මේලනය සඳහා නාගරික වැසි ජල රැස් කිරීමේ සාර්ථක යෙදීම් සම්බන්ධව වූ නිරීක්ෂණ චාරිකාව ද අන්තර්ගත වේ ජල සැපයුම( ගෘහස්ථ,කාර්මික,වාණිජ) සඳහා වැසි ජල රැස්කිරීම,වැසි ජලයේ ගුණාත්මක භාවය සහ සෞඛ්‍ය,ආපදා අවදානම් අවම කිරීම සහ වැසි ජලය සහ පරිසර පද්ධති,වැසි ජලය රැස්කිරීමේ ප්‍රතිපත්තිමය සහ මූල්‍යමය පැතිකඩ,වැසි ජලය රැස්කිරීම සහ ප්‍රජාවගේ සහභාගීත්වය යන මාතෘකාවන් මුල් කරගෙන මෙම සමුළුවෙහි සැසිවාරයන් පැවැත්වීමට නියමිතය.

    මෙම සමුළුවට සමගාමීව නොවැම්බර් 27 වෙනි දින ජල වාසිය පිළිබඳව දැනුම්වත් කරන පාගමනක් සහ ‘වර්ෂ’කෙටි චිත්‍රපටඋළෙලක්ද සංවිධානය කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya