අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යාංශ ලේකම්වරුන්ට බාධාවකින් තොරව රාජකාරි කළ හැකියි- රාජ්‍ය පරිපාලන අමාත්‍ය

    නොවැම්බර් 21, 2018

    දැන් සිටින්නේ අලුත් අගමැතිවරයකු සහ අලුත් ඇමති මණ්ඩලයක් සඳහා ජනාධිපතිවරය විසින් විධිමත්ව පත් කරන ලද අමාත්‍යාංශ ලේකම්වරුන් බැවින් ඔවුන්ට නීත්‍යාණුකූලව රාජකාරි කිරීමට කිසිදු බාධාවක් නැතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    අමාත්‍යවරය මේ බව අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව අවධාරණය කළේ ය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) වගන්තිය යටතේ අමත්‍යාංශ ලේකම්වරුන් පත් කොට ඇත්තේ ජනාධිපතිවරයා විසිනි.ඒ නිසා ඔවුන්ගේ පත්වීම් පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

    එක්සත් ජාතික පක්ෂය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට බැඳී සිටින බවට ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු දුන් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරමින් සැකසූ 1947 සහ 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිධූරය නාමික තනතුරක් බවට පත් කොට තිබූ අතර සියලු බලතල තිබුනේ අගමැතිවරයාට බව පැවසී ය.

    එහෙත් ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා ගේ 1978 ව්‍යවස්ථාව මඟින් අගමැති සතු බලය නාමික කොට සියලු බලතල ජනාධිපති යටතට පවරා ගත් බැවින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායක් දැන් මේ රටේ නොමැති බව ද අමාත්‍යවරය පෙන්වා දුන්නේ ය.

    පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කිරීමේ දී විපක්ෂයට එහි බහුතර බලය ලැබිය යුතු බවට පවසා තිබෙනවා, එහෙත් 2015 ජනවාරි 09 වැනිදා මන්ත්‍රීවරු 42 කගේ සුළුතරයෙන් අගමැතිධූරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලයේ මන්ත්‍රී 142ක බහුතරයක් තිබූ එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ විපක්ෂයට තේරීම් කාරක සභාවට නියෝජිතයින් පත් කිරීමේ දී ලැබුණේ නියෝජිතයින් කීපදෙනෙකු පමණි. එදා එසේ තිබිය දී අද ඔවුන් බහුතරයක් ඉල්ලන්නේ කෙසේ දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya