අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහමැතිවරණයකට සමාජය ගෙන යමු - ජනතාව ආණ්ඩුවට සහාය ආශිර්වාදය පල කරනවා

    නොවැම්බර් 21, 2018

    මහමැතිවරණයකට සමාජය ගෙන යමු.රාජ්‍ය නායකත්වය නොසැලී දේශපාලන මගපෙන්වීමට නායකත්වය ලබාදෙනවා.ජනතාව ආණ්ඩුවට සහාය පල කරමින් ආශිර්වාදය පල කරනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

    මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ, අද (21) කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී අඳහස් දකවමිනි.

    එහිදී අඳහස් දැක්වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා;

    ජනාධිපතිතුමා ගත් තීරණය පදනම්කරගෙන අලුත් අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීම,අධිකාරණ ක්‍රියාමාර්ගවලට යොමු වීම,පාර්ලිමේන්තුව ක්‍රියාකළ ආකාරය සමාජයේ කථිකාවකට පත් වී තිබෙනවා.පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම සදාචාරය හා සම්ප්‍රදායක් නැතිව සිදු වුණේ.. ජනාධිපතිතුමා උපදෙස් දුනා, නෛත්‍රික,ව්‍යවස්ථාණුකූලව ස්ථාවර නියෝග අනුව විශ්වාස භංගයක් ඉදිරිපත් කරන්න කියලා.ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට පොලීසිය සමඟ සභගර්භයට ඇතුළුවෙලා, පාර්ලිමේන්තුවේ කෙළවරක සිට පාර්ලිමේන්තුව මෙහෙවයවපු ආකාරය දැක්කා.අපේ රටේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට කුමක්ද වුණේ කියලා නැවත විමසා බලන්න සිදු වෙනවා.

    සුදුමහත්වරු මේ කරුණු කතාකරන්නේ නැත්තේ ඇයි?.විශ්වාසභංගය ඉදිරිපත් කළ දවසේ කතානායක ගැලරියේ විදේශීය සුදු මහත්වරු නැගිටලා අත්පොළොසන් දෙන්න පටන් ගත්තා. කාගේ වුවමනාවට ද?වෙන න්‍යාය පත්‍රයක් සිදු වෙමින් පවතින්නේ.මෙය ජනතාව අතරට ගෙන යා යුතුයි.

    මහමැතිවරණයකට සමාජය ගෙන යමු. මහජනතාව ඉදිරියේ මෙය විසඳාගත හැකියි. රාජ්‍ය නායකත්වය නොසැලී දේශපාලන මගපෙන්වීමට නායකත්වය ලබාදෙනවා. සාමූහිකව හා සමඟිව කටයුතු කරනවා.ජනතාව සාමකාමීව ඉන්න, කටකතාවලට හැඟීම්බර ක්‍රියාවලට යොමු වෙන්න එපා.ජනතාව සිවිල් නීති කඩ කර නෑ.සෑම ජනතාවක් ම ආණ්ඩුව ට සහාය ආශිර්වාදය පල කරනවා. රට අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා. එය පරාජය කළ යුතුයි යැයි ද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya