අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජලය විදුලිය හා ඛණිජ තෙල් ගැන මහජන අදහස් ලබා ගැනීමේ වැඩසටහනක් කුරුණෑගල දී

    නොවැම්බර් 21, 2018

    මහජන උපයෝගිතා අමාත්‍යාංශයෙන් ජලය විදුලිය හා ඛණිජ තෙල් සම්බන්ධව වයඹ පළාතේ මහජන අදහස් ලබා ගැනීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති නීතීඥ සාලිය මැතිව් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කුරුණෑගල දී පැවැත්විණ.

    කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක වලට අදාළව ජලය , විදුලිය සහ ඛණිජ තෙල් සම්බන්ධ ගැටලු මෙහිදී අවධානයට ය්මු විය.

    වීදි ලාම්පු දැල්වීම හා නිවා දැමීම සම්බන්ධව විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම,විදුලිය බිද වැටීම් වලදී ඉක්මනින් පිළිසකර කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම, පානිය ජලය ප්‍රමාණවත් පරිදි ජනතාවට ලබා දිමේ ක්‍රමවේදයක් සකස් කිරීම පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල නිතර නිතර විදුලිය බිද වැටීම් වැළැක්වීමට ක්‍රමවේදයක් සකස් කිරීම ආදී යෝජනා මෙහිදි ඉදිරිපත් විය.

    වයඹ පළාත් ප්‍රධාන ලේකම් සහ කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික් ලේකම් වරුන් විසින් කුරුණෑගල සහ පුත්තලම ප්‍රාදේශීය ලේකම් වරුන් වයඹ පළාත් අමාත්‍යාංශ ලේකම් වරුන් , ජලය,විදුලිය, සහ ඛණිජතෙල් පිළිබද ආයතන ප්‍රධානීන්, ආගමික නායකයන්,ස්වෙච්ඡා සංවිධාන නියෝජිතයින් මාධ්‍යෙව්දින් මෙහිදි අදහස් දැක්විම සිදු කළහ.

    DMU/Kurunegala

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya