අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව ආගාධයකට යන ගමන ජනාධිපතිතුමා නැවැත්විමට තීරණයක් ගත්තා - ජනාධිපති ගත්තේ වැදගත් තිරණයක් - මහා සංඝරත්නය පවසති

    නොවැම්බර් 20, 2018

    පාට,පක්ෂ ගැන නොසිතා මිලියන 20 ක් ජනතාවගේ දුක තෙරුම් ගෙන කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා ඉතා වැදගත් තිරණයක් ගෙන තිබෙන බවත් අතිපූජ්‍ය මහාසංඝරත්නය ප්‍රකාශ කරති.

    අතිපූජ්‍ය මහා සංඝරත්නය මේ බව ප්‍රකාශ කළේ, අද (20) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

     

    එහි දි අදහස් දැක් වු බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපකුලපති ,මහාචාර්ය පුජ්‍ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමින් වහන්සේ ;

    චිනයේ ඉතා ජනප්‍රිය කියමනක් තියෙනවා,එයින් කියැවෙන්නේ,''පාලකයා පුජකයෙක් විය යුතුයි ''යන්නයි.එයින් අදහස් වන්නේ,පුජකවරු පාලකයින් විය යුතුයි කියන එක නෙමෙයි.නමුත් පාලකයින් පුජකවරුන් මෙන් ශාන්තුවර චරිත බවට පත් විය යුතු බවයි කියන එක.නොමෝදා පාර්ලිමේන්තුවේ දි සිදු වු සිදුවිම් දිහා බැලිමේ දි ඒ පාලකයින් තුළ කොයිතරම් දුරට පුජකයින් හා ශාන්තුවරුයින් කියන ලක්ෂණ තිබේදැයි සිතා බැලිය යුතුයි.අපි මන්තුවරුන්ට ඇමතිවරුන්ට ආමන්ත්‍රණය කරන කොට අපි''ගරු''කියලා ආමන්ත්‍රණය කරනවා.''ගරු''කියන තත්ත්වයට ඔබින ආකාරයට ද ඒ අය හැසිරෙන්නේ කියලා අපි කවුරුත් පාර්ලිමේනුතවේ දි දැක ගන්න ලැබුණා.පාර්ලිමේන්තව කියන්නේ මේ රටේ උත්තරිතම ආයතනයයි.රටේ ඉන්න පාලකයින් පුජනීය චරිත නම් ඒ අය පාලනය කරන ස්ථානය තමයි පාර්ලිමේන්තුවයි.ඒ හරියට පන්සලක් වගේ.ඒ පාර්ලිමේන්තුවේ තිබෙන ගෞරවයත්,මැති ඇමතිවරුනට තිබුණු ගෞරවයත් බිඳ වැටුණු අවස්ථාවක් ලෙසින් පසුගිය දිනවල පාර්ලමේන්තුවේ සිදු වු සිදු විම් පිළිබඳව පිළිබඳව බැලිමේ දි අපිට පෙනි යනවා.මෙ සිදු නොවිය යුතු දෙයක්.මේ සුදු සිදු විම් ඇතිවිමට ප්‍රධානතම හේතුව වන්නේ නායකත්වයට අවනත නොවිමයි.රටේ විවිධ දේශපාලන පක්ෂ තියෙනවා.මෝන පක්ෂෙන් ආවත් මහජනතාවගේ බලයෙන් පත් වුණ නායකයාට ගරු කරන්න ඕන.ඒහෙම ගරු කරන්නේ නැත්නම් ඒතන අවුල් සහගත තත්ත්වයක් තමයි ඇතිවෙන්නේ.ඒ තත්ත්වය තමයි දැන් ඇතිවෙලා තියෙන්නේ.ජනාධිපතිතුමා සියලු ම පක්ෂ කළමණාකරණය කර ගනිමින් මේ රට කළමණාකරණය කර ගන්නට යෙදුණා.ව්‍යාවස්ථානුකුලව යම් යම් තීරණ ගන්නට මේරටේ පාලකයින් බැදී ඉන්නවා.මේ අවස්ථාවේදි නායකත්වයට ගරු කරමින් කටයුතු කිරිමට සිදු පක්ෂ හා මැති ඇමතිවරුන්ගේ වගකිමක් බව කිව යුතුයි.මේ තත්ත්වය පිළිබඳ ගැඹුරින් අවබෝධ කරගෙන පාට,පක්ෂ ගැන නොසිතා මිලියන 20 ක් ජනතාවගේ දුක තෙරුම් අරගෙන කටයුතු කරන්න.

    මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් වු ශාන්ති පදනමේ අනුශාසක ,කථිකාචාර්ය පුජ්‍ය කොටපල අමරකිත්ති නායක ස්වාමීන් වහන්සේ.

    මහජනයාටයි රටේ අයිතිය තියෙන්නේ ඒක දැන ගන්න් ඔන සියලු ම දේශපාලඥයින්. දේශපාලඥයින්ට නෙමෙයි රටේ අයිතිය,මහජනතාවටයි.අධ්‍යාපනය,සෞඛ්‍ය,මහාමාර්ග නඟා සිටුවිමටයි ඒ අයට අවුරුදු 05කට කොන්ත්‍රාත්තුවක් ලබා දිමයි මහජනතාව සිදු කරන්නේ. කොන්ත්‍රාත්තුව දිලා මහජනයාට පැත්තකට වෙලා බලාගෙන ඉන්න නරකයි.මහජනයා බලන්න ඔන් ඒ කොන්ත්‍රාත්තුවට හරියට වැඩ කරනවද කියිලා.ශ්‍රි ලංකාව ඉතා නරක ආධයකට යමින් තමයි හිටියේ ජනාධිපතිතුමා ඒ අගාධයට යන ඒක නැවැත්විමට තීරණයක් ගත්තා.ඒ ගැන අපි ප්‍රසංසා කරනවා. මොක ද රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු පිරිස මේ රට කොහාට ද ගෙනියන්නේ කියලා අපිට හිත ඇතුලේ ලොකු තිගැස්මක් තිබුණා.ජනාධිපතාවරයාගේ තීරණය ගැන විවිධ මත පළවෙනවා. ජනාධිපතිවරයාට බලය තිබෙනවා ව්‍යාවස්ථාව  අනුව ආණ්ඩුව විසුරුවා හරින්න. ඒ බලයට අනුව තමයි එතුමාට වැඩ කළේ. එම ව්‍යාවස්ථාව සම්පාදනය කළෙත්   රනිල් වික්‍රමසිංහ  මහතා ඇතුළු කණ්ඩායම.  ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි.මොකද අපිට දේශපාලයින්ට රට බාර දිලා තියෙන්නේ කොන්ත්‍රාතත්ත්‍රවක් හැටියට ඒක කරන්න බැරි නම් ඒ අය අයින් කරන්නත් අපිට හැකි වෙන්න ඕන. අවුරදුදෙන් හරි,දෙකෙන් හරි ,තුනෙන් හරි අයින් කරන්න අපිට හැකියාව තියෙන්න ඕන.ඒ නිසා ජනාධිපතිවරයා ඉතා වැදගත් තිරණයක් අරගෙන තියෙන්නේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya