අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 04 ක් ජනතා අයිතියට

    නොවැම්බර් 20, 2018

    නාවික හමුදාව විසින් සිවිල් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ප්‍රජා සත්කාරක සේවාවන්හි තවත් එක් පියවරක් පසුගිය දා නිමාවට පත් විය.

    ඒ අනුව, අතිගරු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යය සාධක බලකායේ සම්බන්ධිකරණයෙන් සහ නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ සිය දැනුම හා තාක්ෂණික හැකියාව ප්‍රයෝජනයට ගනිමින් නිපදවන ලද තවත් ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 04 ක් අනුරාධපුරයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරිණි.

    ඒ අනුව, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාලියපුර, හතරැස්වල කණිෂ්ඨ විද්‍යාලය, අනුරාධපුර ශික්‍ෂණ රෝහල, කටුකැලියාව ධම්ම පාරමී ආරණ්‍ය සේනාසනය සහ ‍ඓතිහාසික මිරිසවැටිය පුදබිම යන ස්ථානයන්හි ප්‍රති ආශ්‍රැත යන්ත්‍ර 04 ක් ස්ථාපිත කිරීමට කටයුතු කර ඇති අතර, නාවික හමුදාව මේවන විට ප්‍රති ආශ්‍රැත යන්ත්‍ර 512 ක් දිවයින පුරා ආවරණය වන පරිදි ස්ථාපිත කර ජනතා අයිතියට පත් කර ඇත.

    මෙම අවස්ථාවන් සඳහා ගරුතර සංඝරත්නය, උතුරු මැද නාවික ප්‍රදේශය භාර ආඥාපති රියර් අද්මිරාල් මුදිත ගමගේ මහතා, අධ්‍යක්‍ෂ නාවික (පර්යේෂණ හා සංවර්ධන) කපිතාන් ලසිත් ගුණසේකර මහතා ශ්‍රී ලංකා නාවික නෞකා පණ්ඩුකාභය ආයතනයේ අණදෙන නිලධාරි කපිතාන් සුමිත්‍ර ‍ෆොන්සේකා මහතා, අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යෂකතුමා, හතරැස්වල කණිෂ්ඨ විද්‍යාලයෙහි විදුහල්පතිතුමා, නාවික හමුදා ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිලධාරින්, අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය හා පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya