අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු බෙංගාල බොක්ක මධ්‍යම කොටසේ අඩු පීඩන කලාපයක්- වැසි තත්ත්වයේ වර්ධනයක්

    නොවැම්බර් 20, 2018

    දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසෙහි පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (20) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුර, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150ටවැඩි ඉතා තද වැසි ද ඇති විය හැක අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ක පමණ තද වැසි ඇති විය හැක. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකි බව ද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya