මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නිවැරැදි තැනට ගෙන ඒමට කටයුතු කළා- රජයේ සේවකයන් කිසිදු බියක් නොමැතිව කටයුතු කරන්න-

    නොවැම්බර් 19, 2018

    රට යථාතත්ත්වයට පත් වූ බවත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නිවැරැදි තැනට ගෙන ඒමට කටයුතු කළ බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

     අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

    ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට අත ගැහුවේ නෑ. එතුමා පාර්ලිමේහ්තුවට කළ යුතු පිළිවෙල යෝජනා  කළා.පාර්ලිමේන්තුව නිවැරැදි තැනකට ගෙන එන්න ජනාධිපතිතුමා කටයුතු කළා. පර්ලිමේන්තුවේ 225කට කරන්න බැරි වූ දෙය ජනාධිපතිතුමා කළා. රජය විදියට අමාත්‍යාංශවල කටයුතු කරනවා.  රජයේ සේවකයන් කිසිදු බියක් නොමැතිව කටයුතු කරන්න. රජය ඉදිරියට කරගෙන යනවා. ව්‍යාපෘති  ක්‍රියාත්මකයි. රට යථාත්ත්වයට පත් වී තිබෙනවා.

    පාර්ලිමේන්තුවේ අඳුරුම දින තුන පසු කළේ, කතානයකවරයාගේ අත්තනෝමතික පියවර නිසයි. කතානායකවරයා  ප්‍රජාතන්ත්‍රවාදය ගණන් ගන්නේ නැතිව කටයුතු කළා.අද සියල්ල පරාජයට පත් වී තිබෙනවා. අද කරු ජයසූරිය  මහතාට ඉදගන්න බෑ. රටම අස්ථාවර තත්ත්වයට පත් වුණ එකයි සිදු වුණේ. ජනාධිපතිතුමා පැහැදිලිවම මෙම  ක්‍රියාදාමය ගැන කිව්වා. ජනාධිපතුමා කිව්ව දේ ඇහුවා නම් මේ මේ කිසිදෙයක් වෙන්නේ නෑ. ලෝකයේ නරක  කළු පැල්ලම් එකතු කළා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට අත ගැහුවේ නෑ. එතුමා පාර්ලිමේහ්තුවට යෝජනා  කළා කළ යුතු වැඩපිළිවෙල ගැන. පාර්ලිමේන්තුව නිවැරැදි තැනකට ගෙන එන්න ජනාධිපතිතුමා කටයුතු කළා  යැයි අමාත්‍යවරයා පැවසී ය.

    මාධ්‍ය හමුවට එක්වූ හිටපු නියෝජ්‍ය කතානායක,පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා-

    ජනාධිපතිතුමාගේ උපදෙස් මත කටයුතු කිරීමට ප්‍රඥාව පැදීම ගැන සතුටු වෙනවා. පාර්ලිමේන්තු හදලා තියෙන්නේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව කරන්නයි.අගමැතිවරය පත් කිරීම කිසිම අධිකරණයක අභියෝගයකට ලක් කර නෑ. අගමැතිතුමා බැහැ දැක කත කරන්න කතානයක අපෝසත් වෙලා.ජනාධිපතිතුමා  ක්‍රමවත් වැඩසටහනකට යන්න උපදෙස් දුන්නා.

    රට පාලනය කරන්න අගමැතිවරයෙක් හා අමාත්‍ය මණ්ඩලයක් පත් කළාම රට කරන්න දෙන්න ඕන.එය කඩාකප්පල් කරන්න බෑ. කූඨ නීතිවිරෝධී ක්‍රියාදාමයන්ට එළඹිලා. නීතිවිරෝධි වැඩ කතානායකවරයා කරලා, එය රජය පිට පටවලා.අගාරමාත්‍යවරයා මෙන් ම මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් වූ පසු ආයෝජකයන්ගේ ව්‍යාපාරිකයන්ගේ විශ්වාසය ඇතිවෙලා.. ජනතා විශ්වාසි රජයක් බවට පත් වී තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya