අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීමට තීරණයක් - පාර්ලිමේන්තුව නොවැම්බර් 23 තෙක් කල්තැබේ

    නොවැම්බර් 19, 2018

    පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීමට පක්ෂ නායක රැස්වීමේ දී තීරණය වූ බව නියෝජ්‍ය කතානායක අනාන්ද කුමාරසිරි මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

    ඒ අනුව තේරිම්කාරක සභාව වෙනුවෙන් පක්ෂ නියෝජනය වන ලෙස පක්ෂ නියෝජිතයන්ගේ නම් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත ලබාදෙන ලෙස ද දැනුම් දෙන ලදී. 

    ඒ අනුව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තේරීම්කාරක සභාවට ආණ්ඩු පක්ෂය නියෝජනය වන ලෙස බහුතරයක් තේරීම්කාරක සභාවට ඇතුළත් විය යුතු බවට ප්‍රකාශ කළේ ය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සභාවට පැමිණ සිටි අතර අග්‍රාමාත්‍යවරයාට වෙන් කර තිබු අසුනේ අසුන්ගෙන සිටියේ ය.

     පාර්ලිමේන්තුවේ කටයුතු සාමකාමි ලෙස පැවැති අතර සභාව නොවැම්බර් 23 දින පෙ.ව.10.30 දක්වා කල්තබන බව නියෝජ්‍ය කතානයකවරයා සභාවට දැන්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya