අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජ්‍යේෂ්ඨ නාවිකයින් 110 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කරයි

    නොවැම්බර් 19, 2018

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 110 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම පසුගිය දා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

    ඒ සදහා රුපියල් මිලියන 55 ක මුදලක් නාවික සහන පදනම මගින් ලබාදෙන ලදි. මෙම අවස්ථාව සඳහා නාවික හමුදාධිපතිගේ ලේකම් කපිතාන් (සැ) අචල ද සිල්වා මහතා ද සහභාගී වීය.

    නාවික හමුදාවේ දිර්ඝ කාලයක් සේවය කර ඇති ජ්‍යේෂ්ඨ නාවිකයින්ගේ සේවය අගය කරනු වස් මෙම පොලී රහිත ණය මුදල ප්‍රදානය කිරීම ආරම්භ කරන ලදී. මේ වන විට ජ්‍යේෂ්ඨ නාවිකයින් 1937 දෙනෙකු සඳහා මෙම ණය මුදල ලබා දීමට නාවික සහන පදනම කටයුතු කොට ඇත. ඉදිරි කාල සීමාව තුළදී, තවත් ජ්‍යේෂ්ඨ නාවිකයන් 3035 දෙනෙකු සඳහා මෙම සහන ණය මුදල ලබා දීමට කටයුතු කරමින් පවතින බව නාවික හමුදාව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya