මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව අද රැස්වෙයි- පක්ෂ නායක රැස්වීමක්

    නොවැම්බර් 19, 2018

    පාර්ලිමේන්තුව අද (19) ප.ව.1.00ට රැස්වීමට නියමිතය.

    පසුගිය නොවැම්බර්16 දින පාර්ලිමේන්තුව තුළ කලබලකාරී තත්ත්වයක් උද්ගත වූ අතර පාර්ලිමේන්තුව නිසිපරිදි පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් ඇති විය. ඒ අනුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව 19 වන අද දින දක්වා කල් තබන ලදී.

    රජයට හා අග්‍රාමාත්‍යවරයට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව සම්මත කිරීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙළ සම්බන්ධයෙන් ගැටළුකාරී තත්ත්වයක් පවතින බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විසින් ප්‍රකාශ කරන අතර එයට විරෝධය පළ කරන ලදී.

    කෙසේ වෙතතත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ  නියෝජනය වන පදි සර්ව පාක්ෂික හමුවක් පාර්ලිමේන්තුවේ ඇතිව තිබෙන ගැටළුව සාකච්ඡා කිරීමට ඊයේ දින  (18)පවත්වන ලදී.

     එහිදී පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමට සියලු දෙනා එකඟතාවයකට පැමිණි බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ ය.

    ඉදිරියේ දී පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව සුදුසු තීරණයක් ගනීමට අද පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට ද නියමිතය.

    ඊයේ පැවැති සර්ව පාක්ෂික හමුවේ දී ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙන්නේ,ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගය  පිළිබඳව තමන්ට තීරණයක් ගනීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රෝනික ක්‍රමය භාවිතයෙන් ඡන්දය ගණනය කිරීම අත්‍යාවශ්‍ය බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya