අප්‍රේල් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති කටයුතු කර තිබෙන්නේ ව්‍යවස්ථාණුකූලවයි - ජනතා පරමාධිපත්‍යයට ඉඩ දී ඡන්දය පවත්වන්න - විශ්වවිද්‍යාල ආචාර්ය,මහාචාර්යවරු කියති

    නොවැම්බර් 18, 2018

    ජනතා පරමාධිපත්‍යයට ඉඩ දී  ඡන්දය පවත්වන ලෙස විශ්වවිද්‍යාල  ,ආචාර්යවරු, මහාචාර්යවරු  පවසති.

    මහාචාර්යවරු හා ආචාර්යවරු මේ බව ප්‍රකාශ කළේ, වර්තමානයේ රටේ ඇති වී තිබෙන දේශපාලන වාතාවරණ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් අද (18) කොළඹ මහවැලි කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

     

    මෙහිදී අඳහස් දැක්වූ මහාචාර්යවරු සහ ආචාර්යවරු

     

    කැලණිය විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කඹුරුගොල්ලෑවේ ආනන්ද හිමි-

    අතිගරු ජනාධිපතිතුමා දැක්කා පසුගිය රජය දිගින් දිගටම රටට අහිතකර අණ,පනත් සම්මත කර ගනිමින් ,දේශීය  සම්පත් විකුණමින් රට බෙදා වෙන් කරන්නා ව්‍යවස්ථා සම්මත කරන්න කටයුතු කරනවා. රටේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වාධීනත්වය නැති කරන්න කටයුතු කරනවා. ඉඩම් පනත වැනි පනත් හරහා අපේ භූමිය පවා  විදේශිකයන්ට විකිණිය හැකි තත්වයක් ඇති වුණා. ඒ නිසා එතුමා මේ තීන්දුව ගත්තා. එමෙන්ම ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ තැතක් සාධක සහිතව ඔප්පු වුණා. අන්න ඒ නිසා එතුමා මේ තීන්දුව  ගත්තා. අපි විශ්ව විද්‍යාල ප්‍රජාව හැටියට එතුමා ගත් මේ තීන්දුව බෙහෙවින් අගය කරනවා.

    කැලණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අජිත් දිසානායක මහතා-

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට තමයි රට කරගෙන යන්න බැරි ආකාරයට පාර්ලිමේන්තුව මේ විදියට හැසිරුණේ. මෙය ඉතාමත් අහිතකර තත්වයක්. මේ වගේ තත්වයකට රට පත්වීම මූලිකව ආරම්භ වුණේ, ජනාධිපතිතුමා පසුගිය රජයේ අගමැති ඉවත් කර නව රජයක් බිහි කිරීමත් සමගයි.  සැබෑ ජනතා නියෝජිතයෝ නැහැ. අද එක පක්ෂයක, හෙට තවත් පක්ෂයක. ජනතා අවශ්‍යතා ඉටුවන පාර්ලිමේන්තුවක් අද නැහැ. මේ අරාජික තත්ත්වයට විසඳුමක් ලෙස වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් දක්වා අපි ගමන් කළ යුතුයි. පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරු ආයුධ අරන් ඇවිත් ගහ ගන්නව. ඒ සමගම විදේශ තානාපතිවරු ඇවිත්, විදේශ නියෝජිතයෝ, විදේශ මාධ්‍ය එනවා.අපි ඉල්ලන්නේ වහාම පාර්ලිමේන්තුව විසිරුවලා ඡන්දයක් පවත්වා, වඩා නිවැරදි, සැබෑ ජනතා නායකයෝ පත් කරන්න කියලා

    පේරාදේණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා මහතා

    ඇත්තටම අද අවාසානාවකට පාර්ලිමේන්තුව ඉතා පහත් තත්වයට වැටිලා තිබෙනවා. පාර්ලිමේන්තුවේ පසු ගිය දවස්වල සිදු වූ සිදුවීම් දිහා බැලුවම මෙය ඇත්තටම ප්‍රජාත්‍රන්තවාදය විහිළුවකට ලක්  කිරීමක්. ජනතා පරමාධිපත්‍ය සුරක්ෂිත වෙන තීන්දුවක් තමයි අපට ලැබෙන්න ඕන.

    කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසාද් සේරසිංහ මහතා -

    පසුගිය දවස් කිහිපය පාර්ලිමේන්තුවේ තිබූ අසික්ඛිත ස්වභාවය. කිසිවෙකුත් මෙය අනුමත කරන්නේ නැහැ. මෙවැනි අරාජිකත්වයක් රට තුළ තිබෙන්න බැහැ. එවිට මේ ආකාරයට රට තුළ වැඩ කිරීමේ හැකියාවක් නැහැ.  මෙහිදී වඩාත් සුදුසුම ක්‍රියාමාර්ගය තමයි මැතිවරණයක් කැඳවීම.

    විවෘත විශ්ව විද්‍යාලයේ නීති අංශයේ අංශාධිපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න මහතා-

    ජනාධිපතිවරයා සැම විටම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවයි කටයුතු කර තිබෙන්නේ. මහබැංකුව කොල්ල  කෑමේ සිට හිටපු අගමැතිවරයා ජනාධිපතිවරයා ඝාතනය කිරීම දක්වා ක්‍රියාත්මක වූ ආකාරය අනුව තමයි  ජනාධිපතිවරයා  නව අගමැති තෝරා පත් කිර තිබෙන්නේ. විශ්වාසභංගයක් නීත්‍යානුකූලව ගෙන ඒම සඳහා  අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගෙන නැහැ. මෙතරම් බලයක් සහිතව කතානායකවරයා හැසිරෙන්නේ  කෙසේද?  පාර්ලිමේන්තුවක හැසිරීම පාලනය කිරීමේ පූර්න බලධාරියා කතානායකවරයායි. අමාත්‍යවරුන් ආයුධ රැගෙන  පාර්ලිමේන්තුවට පැමිණීම ගැන කටයුතු කරන්නේ නැතිව දෙවන දිනයේත් පාර්ලිමේන්තුව කැඳවීම වැරදියි. එහි වගකීම කතානායකවරයා භාරගත යුතුයි.

    ශ්‍රී ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයක්ම නියෝජනය කරන ආචාර්යවරු මහාචාර්යවරු සහ ජෞෂ්ඨ කථිකාචාර්යවරු  මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya