අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු ක්‍රමයට කරන මෙම හානිය කිසිදවසක ශ්‍රී ලංකාවේ පූර්වාදර්ශයක් නොවිය යුතුය- අමත්‍ය බන්දුල ගුණවර්ධන

    නොවැම්බර් 18, 2018

    විපක්ෂය විසින් ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමයට කරන මෙම හානිය කිසිදවසක  ශ්‍රී ලංකාවේ පූර්වාදර්ශයක් නොවිය යුතුය යන ස්ථාවරයක අප සිටිනවා. ප්‍රජතන්ත්‍රවාදය අගයන රටක් ලෙස අගමතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආකාරයට හෝ කිසිම අනපනතක් ගෙන ඒමට කතානායකවරයා අනුගමනය කළ ක්‍රියාපටිපාටිය පූර්වාදර්ශයක් නොවේවා යන්න අපේ ප්‍රාර්ථනය බවත් ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (18) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

    එහිදී මාධ්‍ය වෙත අඳහස් දැක්වූ අමාත්‍යවරයා,

    පාර්ලිමේන්තුවේ මෙවැනි දෙයක් සම්මත වී නෑ.පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය කඩා බිඳ දමමින් නැවතත් 16 වැනිදා නැවත පාර්ලිමේන්තුවක් කැඳවිය නොහැකි ආකාරයට සුන්නද්දූවිලි වන ආකාරයට කටයුතු කළා. ලෝකයේ  කොහේ හෝ පාර්ලිමේන්තුවක රටක අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පොලිස් බලඇණියක්  ඇතුළට ඇවිල්ලා, කෘත්‍රීම පුටුවක වාඩිවෙලා. පාර්ලිමේන්තුවේ මුල්ලකට ගිහිල්ලා කලින් සම්මත වූවක් සම්මත  වුණා කියනාවා.

    මෙය පූර්වාදර්ශයක් ලෙස ගත්තොත් විපක්ෂයේ විරෝධතා නොතකා,සියලු අණපනත් සම්මත  වුණොත්, ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා, මේ යෝජනා කිසිවක් නීත්‍යාණුකූලව සම්මත වූ පාර්ලිමේන්තු  යෝජනා ලෙස පිළිගන්නේ නැත්තේ.

     

    එසේ පිළිගන්න බැහැනේ.ඒ නිසා විධායක ජනාධිපතිවරයා මේ සම්මත වූ කිසිදු යෝජනාවක් නිසි ක්‍රමවේදය අනුව සම්මත වූවා සේ සළකන්නේ නෑ. මේ අනුගමනය කළ ක්‍රමවේදය අනුමත කරනව නම් මෙවැනි  පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යෑමෙන් ව්‍යවස්ථාදායකය රටේ නිසි ලෙස පවත්වාගෙන යන්න බැහැ. විපක්ෂය ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමයට කරන මෙම හානිය කිසිදවසක ශ්‍රී ලංකාවේ පූර්වාදර්ශයක් නොවිය යුතුය යන  ස්ථාවරයක අප සිටිනවා.

    ප්‍රජතන්ත්‍රවාදය අගයන රටක් ලෙස අගමතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආකාරයට හෝ කිසිම අනපනතක් ගෙන ඒමට කතානායකවරයා අනුගමනය කළ ක්‍රියාපටිපාටිය පූර්වාදර්ශයක් නොවේවා යන්න අපේ ප්‍රාර්ථනයයි. එසේ පූර්වාදර්ශයක් නොවන අදාළ නීතිමය විධිවිධානත් අනාගතයේ දී ස්ථාවර නියෝගවලට ඇති කළ යුතුයි කියලා අප විශ්වාස කරනවා.

     

    හෙට දින පැවැත්වෙන පාර්ලිමේන්තුවට යනවාද නැද්ද කියන කාරණය හෙට දින  අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡවේ දී තීරණය කරන්න වෙන්නේ.මෙවැනි තත්ත්වයක් පූර්වාදර්ශයක් වී තිබෙන පාර්ලිමේන්තුවක අපි සහභාගීවීමෙන් එයට සුජාතභාවයක් දීම නොකළයුතුයි, කියන එකයි පෞද්ගලික අඳහස. පක්ෂනායක රැස්වීමේ දී ගන්න තීන්දුව අනුව මෙය වෙනස් වෙන්නත් පුළුවන් යැයි අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya