අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යල කන්නයේ කීඩෑ උවදුර නිසා වගා හානියට පත් ගොවීන්ට බිත්තර වී සහනාධාරයක්

    නොවැම්බර් 17, 2018

    2018 යල කන්නයේ කීඩෑ උවදුර නිසා වගා හානියට පත් ගොවීන්ට බිත්තර වී සහනාධාර වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට ජාතික ආහාර ප්‍රවර්ධන ව්‍යාපෘතියේ එකඟත්වය පළ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    2018 යල කන්නයේ පොළොන්නරුව සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවට කීඩෑ උවදුර බරපතල ලෙස බලපෑම් එල්ල කළේය. මේ හේතුවෙන් කුඹුරු අක්කර ලක්ෂයකට ආසන්නව වගා හානි සිදු වූ බවට තොරතුරු තිබෙන අතර ඉන් වැඩිම හානියක් සිදුව ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරුවලටය.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 43,000ක පමණ වී වගාව කීඩෑ උවදුර නිසා විනාශ විය.මෙම ගොවීන්ට 2018/19 මහ කන්නයේ බිත්තර වී සපයාගැනීමේ අසීරුතාවයට ඔවුන් මුහුණ පා ඇති බැවින් බිත්තර වී මිලදී ගැනීම සඳහා සහනාධාර වශයෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සන්දේශයට අනුමැතිය ලැබී ඇත.

    කීඩෑ උවදුර නිසා වගා හානි සිදුවූ ගොවීන්ට බිත්තර වී මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජාතික ආහාර ප්‍රවර්ධන වැඩසටහන යටතේ ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේදී එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya