මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට කතානායක අපොහොසත් වෙලා - අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

    නොවැම්බර් 16, 2018

    පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට කතානායක අපොහොසත් වෙලා යැයි අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේ සිදු වූ ගැටුම්කාරී තත්ත්වයෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේ දී (16)  පැවැති මාධ්‍ය සකච්ඡාවේ දී මේ  බව පැවසී ය

    අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා - සියගණනක් සංවිධානාත්මකව පිරිස් පාර්ලිමේන්තු සභාගර්භයට ගෙනැවිත්  තිබුණා.කතානායක ගත් ක්‍රියාමාර්ගය නිසා විරෝධයක නියැලි සිටියා. පොලිස් කණ්ඩායමක් අංක නැතිව  පාර්ලිමේන්තුව ඇතුළට ආවා.පොලිස් කාණ්ඩායමක් පසුපස සෙන්කෝලය ගෙනව. ගැලරියේ අය හූ කිව්වා. හඩට  නැවත යෝජනාවක් සම්මත වුණා කිව්වා. පාර්ලිමේන්තුව පවත්වාගෙන යාමට කතානායක අපොහොසත් වෙලා  තිබෙනවා.
    ඉහළ මාලයේ මහජන ගැලරියේ නම් ලැයිතුව තිබෙනවා. එය වාහාම සපයන්න ඕන. පාර්ලිමේන්තුවට මැරයෝ  ගේනවා. ජනතාව ඉදිරියට යමු. එයට යන්නේ නැතිව ,ජනතාවට බය අය බටහිර රවටවල්වල එල්ලී සිටිනවා.  රටට බොරු කරන්න එපා. දැන් වෙස්මුහුණු ගැලවිලා.  රට පාලනය කරන්න ඉඩ දෙන්නේ මේ රටේ ජනතාවට ද නත්නම් බටහිර රටවල නියෝජිතයන්ටද? මේ  විනාශයෙන් බේරාගන්න ආවේ ඒක අතහරින්නේ නෑ. අප සමඟ ජනතාව ඉන්නවා යැයි ද අමාත්‍යවරයා පැවසි ය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya