අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංගමය තවදුරටත් පරපුටු ආයතනයක් බවට පත්වන්නේ නැහැ-ප්‍රවාහන ඇමැති

    නොවැම්බර් 16, 2018

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තවදුරටත් පරපුටු ආයතනයක් වගේ මහා භාණ්ඩාගාරයෙන් යැපෙන්න බලාගෙන සිටින්නේ නැතිව, ශක්තිමත් මූල්‍ය ආයතනයක් බවට පත්කිරීමට හැකිවීම පිළිබදව තමා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන්ට ගෞරවය පුදකරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.


    ශ්‍රී ලංගම ඩිපෝ ඉතා ක්‍රමානුකූලව මූල්‍යමය පාලනයක් තුළින්, ඉතිරිකරගත් මුදලින් නව බස්රථ මිලදී ගැනීමට හැකිවී තිබෙන බවද, බස් රථ 1000 ක් මිලදී ගැනීමට භාණ්ඩාගාරයෙන් ලබාදෙන බව ප්‍රකාශ කල මුදල් නොලැබුනත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අඩපණ නොවී පවත්වා ගත යුතු බැවින්, මෙලෙස ලාබ ලබන ඩිපෝ විසින් නව බස් රථ මිලදී ගන්නා බවද අමාත්‍යවරයා පවසයි. 

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පලකලේ ලාබ ලබන ඩිපෝ කිහිපයක් විසින් මිලදී ගන්නා ලද නව බස් රථ 14 ක් එම ඩිපෝ වලට බාරදීම සඳහා (15)දින නාරාහේන්පිට, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ පැවති උත්සවයකදී ය.


    ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රදේශීය ඩිපෝ 106 න්, ඩිපෝ 85 ක් පමණ ලාබ ලබමින් පවතින අතර, එම ඩිපෝ මගින් උත්පාදනය කරනු ලබන ආදායම හා ලාබ උපයෝගී කරගනිමින් මගී සේවා පුළුල් කිරීම සඳහා අවශ්‍ය නව බස්රථ මිලදී ගැනීම මේ වන විට ආරම්භ කර ඇත. පසුගියදා හැටන් ඩිපෝව මගින් බස් රථ 12 ක් මිලදීගෙන ඇති අතර, පොළොන්නරුව, වෙන්නප්පුව, මහරගම, කුළියාපිටිය යන ප්‍රාදේශීය ඩිපෝ මගින් මිලදී ගත් බස්රථ 14 ක් එම ඩිපෝ වලට බාරදීම අද (15) සිදුකෙරිණ.

    ඒ අනුව පොළොන්නරුව ඩිපෝව සඳහා බස්රථ 07 ක් වෙන්නප්පුව ඩිපෝව සදහා බස්රථ 02ක්, මහරගම ඩිපෝව සඳහා බස්රථ 02ක්, කුළියාපිටිය ඩිපෝව සදහා බස්රථ 01ක් හා හැටන් ඩිපෝව සඳහා තවත් බස්රථ 02 ක් බාරදීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සිදුකරන ලදි.

    මෙම බස් රථයක් රුපියල් මිලියන 6.9 ක විටිනාකමකින් යුක්ත වන අතර, මුළු වටිනාකම රුපියල් මිලියන 96.6 ක් වේ. සාමාන්‍ය බස් රථ වලට අමතරව අධිවේගී මාර්ගයේ ධාවනය සඳහා සුඛෝපභෝගී බස් රථ 09 ක්ද මිලදී ගැනීමට පොළොන්නරුව, කටුබැද්ද, මහරගම හා මධ්‍යම බස් රථ කාර්යාලය කටයුතු කර ඇත. මෙම සුඛෝපභෝගී බස් රථයක මිල රුපියල් මිලියන 17.1 කි. එම බස් රථ නමයේ මුළු වටිනාකම රුපියල් මිලියන 153.9 ක් වේ. මිලදීගත් මෙම බස්රථ ඉදිරි දිනවලදී මගී සේවා සඳහා යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා -: කල්බදු ලීසිං ක්‍රමය යටතේ තවත් බස් රථ 300 ක් මිලදී ගන්න තීරණය කරලා තියෙනවා. ඒ වගේම ඉන්දියානු ණය මත බස් රථ 500 ක් ගැනීමටත් තීරණය කරලා තියෙනවා. මේ බස් රථ මිලදී ගත්තායින් පසුව ලංගම බස් රථ ඇණිය වැඩිවී ලංගමයට ආදායම වැඩිවේවි.

    එමෙන්ම පසගියදා ශ්‍රී ලංකා ගමනාගමනා මණ්ඩල සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම නිසා මසකට රුපියල් ලක්ෂ 2000 ක මුදලක් (මිලියන 200) ශ්‍රී ලංගමයට අමතරව වැය වෙනවා. සෑම ඩිපෝවක් විසින්ම මෙම අමතර මුදල උපයාගන්න කටයුතු කරන්න ඕන. එසේ කරන්න බැරි වුනොත් පරණ කාලයේ වගේ නියමිත දිනයට වැටුප් ගෙවාගන්න බැරි වේවි. භාණ්ඩාගාරය මේ වැටුප් වැඩිකිරීමට එකඟ වුනේ භාණ්ඩාගාරයට බරක් නොවී ශ්‍රි ලංගමය විසින්ම මෙම අමතර මුදල උපයාගන්නා බවට විශ්වාසය මත යැයිද පැවසීය.


    මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම්, ජී.එස්.විතානගේ, ලංගම සභාපති රමාල් සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya