අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජය එලෙසම ක්‍රියාත්මකයි- පාර්ලිමේන්තුවේ දී අගමැතිවරයාගෙන් ප්‍රකාශයක්

    නොවැම්බර් 14, 2018

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේ (15) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අද (14) රාත්‍රීයේ අග්‍රමාත්‍ය කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වූ අමාත්‍යවරු ප්‍රකාශ කර සිටියේ ය.

    එමෙන් ම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පත් කිරීමත් කැබිනට් අමාත්‍යවරු සහ පත් කරන ලද ලේකම්වරුත්  නිල වශයෙන් ආණ්ඩුවක් හැටියට ඉදිරියට පවත්වගෙන යන බව ද පැහැදිළිව සඳහන් කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ය.

     

    මෙම මාධ්‍ය හමුව සඳහා අමාත්‍යවරුන් වන වාසුදේව නානායක්කාර, සුසිල් ප්‍රේමජන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, සහ ටී.බී.ඒකනායක යන මහත්වරු සහභාගී වී සිටියේ ය. නව රජයේ අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රථමවරට පාර්ලිමේන්තුව ඇමතීම ද මෙය වෙයි. 

     

    මෙහිදී අඳහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා - අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සම්බන්ධයෙන් කිසිම අයුරකින් අධිකරණයේ අභියෝගයකට ලක් වී නෑ. එසේ නම් පාර්ලිමේන්තුව මේ ගැන සඳහන් කරන්නේ කෙසේද? මේ යෝජනාවම අර්ථ විරහිතයි. කතානායකවරයාට හෝ  පාර්ලිමේන්තුවට බෑ අග්‍රාමාත්‍යවරයකු පත් කරන්නට. මේ කරුණු දෙක සම්බන්ධයෙන් කිසිදු වලංගුභාවයක් නෑ.

    මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පත් කිරීමත්, ඉන් අනතුරුව පත් කළ කැබිනට් අමාත්‍යවරුත් ගැසට් පත්‍ර මඟින්  විෂය බෙදා දීමත් පත් කරන ලද ලේකම්වරුත්  ආණ්ඩුවක් හැටියට නිල වශයෙන් පවත්වගෙන යන  බව පැහැදිළිව සඳහන් කරනවා. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාත්,ඇමැති මණ්ඩලයත් පත් කළ ලේකම්වරුත්  රජයේ කටයුතු පවත්වාගෙන  යනවා. විධායකය හා ව්‍යවස්ථාදායකය අතර අර්බුදයක් ඇති කිරීමට උත්සහ කරනවා.මේ රටේ ජනතාවගේ ස්වාධීනත්වය  අගය කරනවා. රට ස්ථාවර කර ආණ්ඩුවක් ඉදිරියට පවත්වාගෙන යනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    මෙහිදී අඳහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා-

    ජනාධිපතිතුමාගේ බලය තියෙනවා. ඒ බලය අනුව  කළ පත් කිරීම් තිබෙනවා. අද පර්ලිමේන්තුවේ ක්‍රියාදාමය බලශූන්‍ය ක්‍රියාදාමයක් බව කියන්න කැමතියි. මේ  යෝජනාවට පිළිතුරක් යවනවා. හෙට පාර්ලිමේන්තුවට යනවා. අගමැතිතුමා ප්‍රකාශයක් කරනවා, අපේ ආණ්ඩුවේ  ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව. රටේ ජනමතය අවුල් කරන්න උත්සහ කරනවා. ඡන්දය පැවැත්වීමට විරුද්ධවයි මේ  යෝජනාව ඉදිරිපත් කරන්නේ. රටේ විශාල ජනමතයක් තිබෙනවා ඡන්දයක් අවශ්‍ය බවට. මැතිවරණයක්  පැවැත්වීමෙන් හැර මේ පරතරය පියවන්න බෑ. ජනමතය යට කර තබන්න හිතන්න එපා.

    අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා-

    බහුතරයේ අවශ්‍යතාවය කොතැනකවත් පෙන්වා දී නෑ. බහුතරය අවශ්‍ය වෙලාවේදී පෙන්විය හැකියි. කටහඩින් මෙවැනි දෙයක් කර නෑ. එදා කතානායකවරුන්ගේ විශ්වාසය ඉහළින් ආරක්ෂා කර තිබුණා. ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුවට ගරු කරනවා. මේ ව්‍යවස්ථා අර්බුදය විසඳිය හැක්කේ මහමැතිවරණයකින් පමණයි.

    අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා-

    අගමැතිතුමා පත් කිරීම, ඉවත් කිරීමට බලය තිබෙන්නේ ජනාධිපතිතුමාටයි. එය කියවා බැලුවා නම් මේ විශ්වාසභංගය බාර ගන්න බැ. සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාවට පටහැනි යෝජනාවක්  ඉදිරිපත් කර තිබෙන්නේ.මේ කියන කරුණු අනුව හෙට වෙනකොට අලුත් අගමැතිවරයෙක් සිටිය යුතුයි . හෙට  පාර්ලිමේන්තුවේ අගමැතිවරයාත් මහින්ද රාජපක්ෂ මැතිතුමායි. ජනතාව ඉල්ලන මහමැතිවරණයක් ලබාදීමට  ආණ්ඩුවක් හැටියට ගත හැකි සෑම පියවරක් ම ගන්නවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya