අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපති කටයුතු කර තිබෙන්නේ ව්‍යවස්ථාණුකූලවයි-පාර්ලිමේතුවේ අභියෝගයට ලක් කළ නොහැකියි

    නොවැම්බර් 14, 2018

    ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පමණයි ලබාදී තිබෙන්නේ.ජනාධිපතිවර යා කටයුතු කර තිබෙන්නේ ව්‍යවස්ථාණුකූලවයි.එය පාර්ලිමේතුවේ අභියෝගයට ලක් කළ නොහැකියි''යැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව සඳහන් කළේ ය.

     අද පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාපිළිවෙත  සම්බන්ධයෙන් අමාත්‍යවරයා සිය අසතුට පළ කළේ ය.

    මාධ්‍ය හමුවේ දී අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    ජනාධිපතිවරයා ව්‍යවස්ථාණුකුලව හිටපු අගමැතිවරයා ඉවත් කර නව අගමැතිවරයා පත් කළා. මේ ගැසට් පත්‍ර අභියෝගයට ලක් කර නෑ.ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් පමණයි ලබාදී තිබෙන්නේ. ජනාධිපතිවරයා කටයුතු කර  තිබෙන්නේ ව්‍යවස්ථාණුකූලවයි. එය පාර්ලිමේතුවේ අභියෝගයට ලක් කළ නොහැකියි.

    කතානායකවරය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බෙදීමකින් නොවේ ඡන්දය ගත්තේ,කටහඩ අනුවයි, ඡන්දය ගත්තේ කියලා.ඒ යෝජනාව සම්මත වුණා කියනවා. ජනාධිපතිවරයා වෙනත් ගැසට් නිවේදනයකින් වෙනත් අග්‍රමාත්‍යවරයකු පත් කරන තුරු මේ රජය පවතිනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya