මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා ව්‍යවස්ථාණුකූලව කටයුතු කළා- රට අස්ථාවර නොකර ස්ථාවර වැඩපිළිවෙලකට අවශ්‍යය නියම තීරණය ජනාධිපතිතුමා ගන්නවා

    නොවැම්බර් 14, 2018

    රට අස්ථාවර නොකර ස්ථාවර වැඩපිළිවෙලකට අවශ්‍යය නියම තීරණය ජනාධිපතිතුමා ගන්නා බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මෙසේ පැවසීය.

     දේශපාලන බලය තිබෙන පැත්තට සමහර අය යනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප තීන්දුවක් ගන්නවා. දේශපාලන බල අරගලයක් හැදුනාම මේ තත්ත්වය ඇති වෙනවා. ජනාධිපතිතුමා ව්‍යවස්ථාණුකූලව කටයුතු කළා. ව්‍යවස්ථවට, නීතියට පටහැනිව කටයුතු කරන්නේ නෑ. රටේ කිසිදු අරාජික තත්ත්වයක් නෑ.

    කතානායකතුමා කොහොමද මෙහෙම හැසිරෙන්නේ.මන්ත්‍රී විජිත හේරත් මහතා භාරදෙනවා කොළ කෑල්ලක්. ඇඟිලි සළකුණ තියන්න ඕන ඡදය ගැනීමට. නමින් ඡන්දයක් ගත්තේ නෑ. ඡන්දය විමසා කතානායකතුමා නිවේදනයක් නිකුත් කළේ නෑ. අතුරු තහනමක් දුන්නාම දෙපැත්තටම බලපානවා. කතානායකතුමාට තිබුණා,නීතිපතිතුමාට ලියලා, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කියන්න තිබුණා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya