මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දැනුවත් කිරිමේ වැඩසටහනක්

    නොවැම්බර් 14, 2018

    ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ මෙහෙය විමෙන්  සංවිදානය කරනු ලබන මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දැනුවත් කිරිමේ වැඩසටහනක්  (13) දිනගාල්ල ආරාධනා හෝටල් පරිශ්‍රයේදි පැවත්විණි.

     ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ආරම්භ වූ අතර, දේශීය ආදායම් බදු දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කැලුම් විජේරත්න මහතාද එක්ව  සිටියහ.

    මෙහිදි අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා “ ඔබ ලාභාංශය ගැන කල්පනා කරන විට අපි රජයක් විදියට පාරිභෝගිකයන්ගේ අයිතින් ගැන කල්පනා කරනව. බදු ප්‍රතිපත්ති කම්කරු නීති පාරිභොගික අයිතින් අපි කල්පනා කරනවා.  රජය සහ ව්‍යාපාරික ඔබ අතර තියෙන්නෙ සම්බන්ධීකරණය කිරමේ රටාවක්. බදු ආදායම් රටේ සමස්ථ පොදු සේවාවන් නඩත්තුවට යොදවනව.සියල්ල ලාබය මත තිරණය නොවෙයි. පාරිභෝගියකන්ගෙ පාර්ශවයෙන් වියදම් ගෙවිම් තිරණය කල යුතුයි.ඔවුන් තමයි සියල්ලගේම ඉලක්කය“යැයි පැවසීය

    මෙම වැඩසටහනේ අරමුණ ව්‍යවසායකයින් ගේ නෛතික දැනුම සංවර්ධනය කොට විදිමත් වෙලපොලක් හදුන්වා දිමයි.

    DMU/Galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya