අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති මධ්‍යම පරිසර අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක

    නොවැම්බර් 14, 2018
     මධ්‍යම පරිසර අධිකාරිය වෙත  (13) දින පෙරවරුවේ හදිසියේම ගිය ජනාධිපතිතුමා එහි කටයුතු නිරීක්ෂණය කළේය.
    අධිකාරියේ අභ්‍යන්තර ක්‍රියාවලිය මෙන්ම මුල්‍ය අංශයේ කටයුතු පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී සොයා බැලු අතර නිලධාරින්ට උපදෙස් දුන්නේ පවතින දේශපාලන වතාවරණය බාධාවක් කර නොගෙන අපේක්ෂිත වාර්ෂික ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා සැලසුම් සහගතව කටයුතු කරන ලෙසයි.
    මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ආරක්ෂණ බලපත්‍ර  නිකුත් කිරීමේ ක්‍රමවේදය ඇතුළු සේවාවන් පිළිබඳව ද මෙහි දී ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට  එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya