අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා- අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලය පත් කිරීම්වලට බලපෑමක් නෑ

    නොවැම්බර් 14, 2018

    අතුරු නියෝගයෙන් ජනාධිපතිතුමා විසින් පත් කළ අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ  ගැසට් නිවේදනය හෝ පත් කිරීම හෝ අමාත්‍ය මණ්ඩලය පත් කිරීම අභියෝගයට ලක් කර  නැතැයි ද පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අවලංගු කොට නොමැති බවද   නඩුව විභාග කිරීමට දින තුනක් ලබාදී තිබෙන බවද මේ කාලපරාසය අවසන් වන තෙක් මෙහි ක්‍රියාකරීත්වය තාවකාලිකව අත් හිටුවීමට අතුරු නියෝගය ලබා දී තිබෙන බවද රජයේ අමාත්‍යවරු විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ය.

     පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධයෙන් වූ පෙත්සම් විභාගයෙන් අනතුරුව   (13) කොළඹ පැවැති මාධ්‍ය  හමුවකට එක්වෙමින් අමාත්‍යවරු මෙසේ පැවසී ය.

    වැඩි දුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරු මෙසේ ද පැවසී ය.

     අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා

     හුගක් අය උද්දාමයට පත්ව තිබෙනවා,දැන් මෙම නඩුව ජයගෙන අවසන් කියලා.මේ නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර දීලා,මේ නඩුව අසා ඉවර වන තුරු මෙහි ක්‍රියාදාමය අත් හිටුවීමට නියෝගයක්  ලබාදී තිබෙනවා. ගැසට් නිවේදනය අවලංගු කොට නෑ.මේ නඩුව විභාග කරන්න දින තුනක් ලබාදී තිබෙනවා.මේ කාලපරාසය අවසන් වන තෙක් මෙහි ක්‍රියාකරීත්වය තාවකාලිකව අත් හිටුවීමට තමයි මේ අතුරු නියෝගය ලබා  දී තිබෙන්නේ.ජනතාව මේ අධිකරණය විසින් ලබාදුන් තීන්දුවේ ස්වාභාවය තේරුම් ගත යුතුයි. ජනාධිපතිතුමා  නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමක් කර නෑ.නඩු විභාගය අවසනායේ තීන්දු වන්නේ, ගැසට් නිවේදනය අවලංගු වෙනවද ?  බලපැවැත්වෙනවද > කියලා. ඒ අවස්ථාව වෙනකම් බලාගෙන සිටිය යුතුයි.

     

    මේ රට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට අගමැතිවරයෙක් පත් කරන්න බලයක් නෑ. පත් කිරීමේ  බලය තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. අධිකරණයට ගරු කරමින් අධිකරණ ක්‍රියාමාර්ගය  තුළින් විසඳා ගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා. එය තුළින් මෙය විසඳා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

     

    අමත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

    අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව උත්තරීතර පාර්ලිමේන්තුව අලුතෙන් පත් කරගැනීමේ  ක්‍රියාව සඳහා වූ මහා මැතිවරණයක් නම් කොට තිබෙනවා. පාර්ලිමේන්තුවක් විසුරුවාලිය  හැකිවන්නේ  කතානායකවරයට නොවෙයි. අග්‍රාමාත්‍යවරයට ද නොවෙයි. එහි සම්පූර්ණ බලය තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. ඒ බව  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.

    අපි පාර්ලිමේන්තු මැතිවරණයකට සූදානම් වීම ආරම්භ කළා. පාර්ලිමේන්තුව විසුරුවීම ශ්‍රේෂ්ඨාධිකරණය  තාවකාලික අත්හිටුවීමක් කර තිබෙනවා. මැතිවරණය අවලංගු කර නෑ. එය ගැටළුවක් නෑ. එය අවසන් නිවේදනය  නොවේ. තීන්දුව ප්‍රකාශ කර අවසානයක් සිදු කර නෑ. මෙහි ජනග්‍රහනය මහජනතාවට ලබාදීමට අඛණ්ඩව කටයුතු කරනවා.

     

    අමාත්‍ය විමල් වීරවංශ මහතා-

    අත් හිටුවීමෙන් පමණක් ගැසට් නිවේදනය වලංගුයි කියන්න බෑ.ජාත්‍යන්තරයට  පෙන්වන්න හදනවා මේ රට අවුල් වියවුල් වී තිබෙන බවට. පාර්ලිමේන්තුව කැඳවීමට නීත්‍යාණුකූලභාවයක් නෑ.  ඉදිරියට ගත් පය ආපසු තියන්න නොවේ මේ ක්‍රියාමාර්ගවලට අවතීරණය වුණේ. පොදු ජනතාවගේ  බලාපොරොත්තු සඵල කිරීමට කටයුතු කරනවා.

     

     අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා-

    ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගයෙන් ජනාධිපතිතුමා විසින් පත් කළ අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ  ගැසට් නිවේදනය හෝ පත් කිරීම හෝ අමාත්‍ය මණ්ඩලය පත් කිරීම අභියෝගයට ලක් කර නෑ. සළකා බැලුවේ  ගැසට් නිවේදනය ව්‍යවස්ථානුකූල ද නැද්ද කියන එක පමණයි. එහි අවසාන තීන්දුවක් දීම සඳහා අතුරු නියෝගය  ලබාදී තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කළ ගැසට් නිවේදනය තාවකාලිකව අත් හිටුවා තිබෙනවා. එය අවලංගු කර නෑ. දින නියම කර තිබෙනවා පෙත්සම් සඳහා විරෝධතා ඉදිරිපත්  කිරීමට.  තවදුරටත් විභාග කිරීමට දින නියම කර තිබෙනවා.

     

    මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, මහින්ද යාපා අබේවර්ධන, ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න,  දයාසිරි ජයසේකර, ෆයිසර් මුස්තාෆා ,එස්.බී දිසානායක ඇතුළු මැති ඇමැතිවරු රැසක්   එක්ව සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya