අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු ඇමැති රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණයක

    නොවැම්බර් 12, 2018

    නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා අද (12) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙත පැමිණියේ ය.

    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ප්‍රධාන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සහ අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා පිළිගනු ලැබීය.

     

    අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සුහඳ කතාබහකට එක් වූ අමාත්‍යවරයා මේ වනවිට දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් විමසීමක් කළ අතර දෙපාර්තමේන්තුවේ වර්තමාන් ක්‍රියවලිය පිළිබඳව  පැහැදිළි කිරීමක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිදු කළේ ය.

     

     ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අදාළව ස්ථාපනය කර ඇති දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සියල්ල 2018 නොවැම්බර් මස 09 වැනි දිනැති අංක 2096/67 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මගින් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා යටතට  පත් කළේ ය.

     

    ඒ අනුව ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මැතිතුමා කටයුතු කරයි.  එසේම ජනමාධ්‍ය විෂය භාර ලේකම්වරයා වශයෙන් කටයුතු කරනුයේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතායි.

     

    dayasiri info

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya