මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වගා හානිවලට වන්දි ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යවරයා උපදෙස්

    නොවැම්බර් 12, 2018

    2018 යල කන්නයේ කීඩෑ උවදුරෙන් හානියට පත් කුඹුරුවලට වහාම වගා හානි වන්දි ලබාදෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ.

    2018 යල කන්නයේදී අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල කුඹුරු රැසකට කීඩෑ උවදුර නිසා විශාල හානියක් සිදු විය.මෙම ගොවීන්ට වගා හානි වන්දි ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළ අතර , ඊට අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

     

    කීඩෑ උවදුර නිසා පොළොන්නරු දිස්ත්‍රික්කයේ කුඹුරු වැඩි ප්‍රමාණයක් බලපෑමට ලක්වූ අතර, දැනට ගණන් බලා ඇති පරිදි කීඩෑ උවදුර නිසා හානියට පත් කුඹුරු අක්කර ප්‍රමාණය අක්කර 42,830 කි.මින් අක්කර 38,570 ක වී වගාව අර්ධ වශයෙන් හානියට පත්ව ඇති අතර , අක්කර 4,269ක වී වගාව සහමුලින්ම කීඩෑ උවදුර නිසා විනාශ වී ඇත.



    මේ අන්දමින් අම්පාර දිස්ත්‍රික්කයේද කීඩෑ උවදුර නිසා හානියට පත් කුඹුරු පිළිබඳ අවධානය යොමු කරන ලෙසත් , එම සියලු කුඹුරුවලට වගා හානි වන්දි වහාම ගෙවීමට පියවර ගන්නැයි ද අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබීය. එමෙන්ම පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් වගාවන්ට සිදු වු හානිය පිළිබඳව ද තොරතුරු සහ හානිය පිළිබඳ තක්සේරු කිරීම්ද මේවනවිටත් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya