මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය වැඩ භාරගනි

    නොවැම්බර් 08, 2018

    සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශයේ නව ලේකම් ලෙස වසන්තා පෙරේරා මහත්මිය අද (08) වැඩ බාරගන්නා ලදි.

    වසන්තා පෙරේරා මහත්මිය  මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇත. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ජිව විද්‍යා අංශයෙන් ප්‍රථම උපාධිය හිමිකරගත් ඇය, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ව්‍යාපෘති කළමණාකරනය පිළිබද පශ්චාත් උපාධිය ද හිමිකරගෙන ඇත.

    කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික සංවර්ධනය පිළිබද පශ්චාත් උපාධිය ද ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යලයේ පශ්චාත් උපාධි කළකමණාකරන ආයතනයේ කළමණාකරන පශ්චාත් උපාධිය ද ඇය හිමිකරගෙන ඇත.

    මැදගම හා බිබිල යන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි සහකාර ප්‍රාදේශිය ලේකම් ලෙස කලක් කටයුතු කර ඇති වසන්තා පෙරේරා මහත්මිය ඉන්පසු මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර ඇත.

    ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙසත් ශ්‍රි ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය ලෙසත් කටයුතු කළ ඇය විද්‍යා තාක්ෂණ පර්යේෂණ නිපුනතා සංවර්ධන වෘත්තිය පුහුණු හා කන්ද උඩරට පිළිබද උරුමයන් අමාත්‍යාංශ ලේකම්වරිය ලෙසද කටයුතු කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya