අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “සේනා දළඹුවා” මර්ධනය කිරීමට මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් උපදෙස්

    නොවැම්බර් 08, 2018

    ආක්‍රමණශීලී දළඹු විශේෂයක් වන “සේනා” නැමති දළඹු විශේෂය මේ වන විට අම්පාර ඇතුළු දිස්ත්‍රික්ක තුනකින් වාර්තා වී තිබේ.

    සේනා දළඹුවා මුලින්ම හඳුනා ගෙන තිබෙන්නේ නයිජීරියාවෙන්, වන අතර මීට මාස තුනකට පමණ පෙර ඉන්දියාවෙන් වාර්තා වී ඇත. කෙසේ වුවද මේ වන විට අපේ රටේ දිස්ත්‍රික්ක තුනක බහුල වශයෙන් මෙම අගන්තුක ආක්‍රමණශීලී දළඹුවා වාර්තා වී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඊයේ (07) දින පස්වරුවේ අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ප්‍රකාශ කළේ ය.

    නොසන්සිදෙන කුස ගින්නකින් පෙළෙන මෙම දළඹු විශේෂයට එක රැයක් තුළ අක්කර දහසක වගාවක් විනාශ කළ හැකි අතර එක් සතෙක්, එක් වරකට බිත්තර 200ක් දමනු ලබයි. එමෙන්ම මෙම දළඹුවාගෙන් හට ගන්නා සළඹයාට දිනකට කිලෝමීටර් 100ක දුරක් සුළං පාර ඔස්සේ පියඹා යෑමට හැකි නිසා එම සළඹයා මඟින් දළඹුවන් බෝ වීම සිඝ්‍රයෙන් සිදු වේ.

    මෙම දළඹු විශේෂය මර්ධනය සඳහා අවශ්‍ය කෘමිනාශක යෙදීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වහාම ලබාදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (07) දින කෘෂිකර්ම අමාත්‍යාංශය නිලධාරීන් හට උපදෙස් දුන්නේය.

    සේනා දළඹුවා කුඩා කාලයේ කොළ පැහැති වන අතර ඉන් පසු දුඹුරු පැහැයට හැරේ. සිරුර පුරාම ඉදිමුණු බිබිලි වැනි ලක්ෂණ ඇති අතර හිසෙහි යටිපැත්තේ සුදු පැහැයෙන් “‍ය්” අකුරට සමාන හැඩයකින් යුතු සලකුණක් ඇත.

    එම නිසා වගාවන්ට හානි කරන ඉතාමත් දරුණු ගනයේ දළඹුවෙකු වන සේනා දළඹුවා වගාවන් අතර සිටින්නේ ද යන්න පිළිබඳ විමසිලිමත් වන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ගෙන් ඉල්ලා සිටී.

    මෙම දළඹු විශේෂය වගාවන් අතර සිටින්නේ නම් වහාම ප්‍රදේශයේ කෘෂි උපදේශකවරයාට හෝ 1920 දුරකතනයට හෝ 081-2388316 දුරකතනයට හෝ වගාම දැනුම් දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.දැනටමත් පුද්ගලික අංශයේ සහයෝගය ද මෙම සත්වයා මර්ධනය සඳහා ලැබී ඇති අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දීපව්‍යාප්තව සියලුම ගොවීන් මෙම දළඹු විශේෂය පිළිබඳව දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇත

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya