මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෙස්බි සාමිවරයාගේ මධ්‍යස්ථ ප්‍රකාශයට ස්තූතිය පළ කරනවා

    නොවැම්බර් 07, 2018

    නෙස්බි සාමිතුමා සිදු කළ මධ්‍යස්ථ ප්‍රකාශයට ස්තූතිය ප්‍රකාශ කළ යුතු යැයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක,අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (7) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

    ජනාධිපතිතුමා පැවැති පාලනය වෙනස් කරමින් නව රජයක් පිහිටුවීමට ගත් පියවර සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පර්ලිමේන්තුවේ නෙස්බි සාමී විසින් කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් අඳහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

    ''ජාත්‍යන්තර වශයෙන් ගත් තීරණයේ කිසිම ගැටළුවක් නෑ. නෙස්බි සාමිතුමාට ස්තූතිය ප්‍රකාශ කළ යුතුයි මධ්‍යස්ථව ප්‍රකාශයක් කිරීම පිළිබඳව. එතුමා පැහැදිළිව කියනවා, රටක ව්‍යවස්ථාවක් තිබෙනවා. එය පදනම් කරගෙනයි රටක නායකයෙක් තීරණ ගන්නේ කියලා.අප කටයුතු කර තිබෙන්නේ ව්‍යවස්ථානුකූලවයි.රටේ නීතිය අනුවයි හැසිරි තිබෙන්නේ. කාටහරි එහි සැකයක් තිබෙනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න කියන්න'' යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

    නෙස්බි සාමිවරයාගේ ප්‍රකශය මෙතැනින් නරඹන්න- https://twitter.com/newsdotlk/status/1059840074588831744

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya