අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය පියසේන ගමගේ රාජකාරි අරඹයි- අධූරදර්ශී පාලනයට තිත තබමින් ජනාධිපතිතුමා ගත්තේ එඩිතර තීන්දුවක්

    නොවැම්බර් 07, 2018

    දේශපාලන ඉතිහාසය තුළ තමා ට ද යම් යම් කෙනෙහිලිකම් ඇති වූ අවස්ථා තිබුණ ද තමා ''ඩීල්'' වලට හසු නොවී අදවන තුරු නොසැලී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සිටින බව තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පෙරවරුවේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ කාර්යාල පරිශ්‍රයේ දී නිල වශයෙන් සිය ධුරයේ රාජකාරි ආරම්භ කරමිනි.

    පියසේන ගමගේ මහතා බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ කාර්යාල පරිශ්‍රයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) පෙරවරු 9.32ට යෙදී තිබුණු සුභ මොහොතින් සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ පියසේන ගමගේ මහතා පවසා සිටියේ 1989 වසරේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එකට පාර්ලිමේන්තුවට පැමිණ මේ දක්වා ම තමා සමීප ව කටයුතු කරමින් සිටින බවයි. ඒ නිසා ම ජනාධිපතිතුමා යටතේ ඇති මෙම අමාත්‍යාංශයේ වගකීම් ද තමා කෙරෙහි තැබූ දැඩි විශ්වාසය නිසා පවරා දී ඇති බව පියසේන ගමගේ මහතා පෙන්වා දෙයි.

    තව ද පසුගිය ආණ්ඩුව ගෙන ගිය අධූරදර්ශී පාලනයට තිත තබමින් ජනාධිපතිතුමා ගත් මෙම එඩිතර තීන්දුවේ දී ද කිසිදු පැකිලීමකින් තොරව තමා ජනාධිපතිතුමා සමඟ සිටගන්නා බව ඒ මහතා අවදාරණය කරයි.

    පියසේන ගමගේ මහතා ට සුභ පැතීමට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, එස්.බී.නාවින්න, නිශාන්ත මුතුහෙට්ටිගම, චන්දිම වීරක්කොඩි, වීරකුමාර දිසානායක යන මහත්වරු ඇතුළු නව රජයේ මැති ඇමැතිවරුන් පිරිසක් සහ බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ද සහභාගී වී සිටි අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද දුරකතනය ඔස්සේ සම්බන්ධ වෙමින් ඒ මහතාට සුභ පැතීය.

    කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම් අශෝකා අලවත්ත මහත්මිය ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කළ තිබූ මෙම උත්සවයට පියසේන ගමගේ මහතාගේ පවුලේ සාමාජිකයන් මෙන් ම ගාල්ල දිස්ත්‍රික්කය හා හිනිදුම ආසනයේ හිතවතුන් පිරිසක් ද සහභාගී වී සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya