අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය සේවකයින් නව රජය පිළිගන්නවා - රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

    නොවැම්බර් 07, 2018

    රජයේ සේවකයින් මෙන්ම උත්තරීතර පාර්ලිමේන්තුවේ නිලධාරීන් ද නව රජය පිළිගෙන තිබෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

    සම කැබිනට් ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    රාජ්‍ය සේවකයන්ට නිවැරැදි කිරීමක් කළ යුතුයි. රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ ලිපියේ අන්තර්ගතයේ වටිනාකමක් නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    කිසිම අමාත්‍යාංශයක කටයුතු අඩාලවීමක් සිදුව නැතැයි මෙහිදී අඳහස් දැක්වූ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා කියා සිටියේ ය.

    කඩකප්පල් ක්‍රියා කරන්න එපා. රාජ්‍ය නිලධාරීන්ට මෙවැනි ලිපියක් යැවීමෙන් වැරදි පණිවුඩයක් යනවා. මෙවැනි දෙයින් රාජ්‍ය සේවකයින් පොළොඹවාලන්න බෑ. මේ ලිපිය ප්‍රතික්ෂේප කරනවා.
    දේශපාලන කෝණවලින් බලන්නේ නැතිව ව්‍යවස්ථාවට හා නීති රීතිවලට ගරු කර පාර්ලිමේන්තුව ආරම්භ කරන ලෙස කතානායකතුමාට කියනවා. කතානායකවරයාගේ නිවේදනය ප්‍රතික්ෂේප කරනවා.එම ප්‍රකාශය වලංගු නොවන බවත් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya