අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යාංශවල කටයුතු අඩාල වී නෑ - ජනාධිපතිතුමාගේ ප්‍රකාශය කිසිම ලිංගික ජනකොටසක් ඉලක්ක කරගත් ප්‍රකාශයක් නොවේ

    නොවැම්බර් 07, 2018

    අතිගරු ජනාධිපතිතුමා බත්තරමුල්ල ජන හමුවේ දී සමනලුන් පිළිබඳ සිදු කළ ප්‍රකාශය කිසි සේත්ම ලිංගික  ජනකොටසක් ඉලක්ක කරගෙන සිදු කළ ප්‍රකාශයක් නොවන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද  සමරසිංහ මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්  දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

    එහිදී මාධ්‍යවේදියෙකු විසින් අමාත්‍යාංශවල කටයුතු අඩාල වී තිබේදැයි විමසූ පැනයකට පිළිතුරු දුන් අමාත්‍ය  මහින්ද සමරසිංහ මහතා සඳහන් කළේ,කිසිම අමාත්‍යාංශයක කටයුතු අඩාලවීමක් සිදුව නොමැති බවය.

    හිටපු රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා විසින් රාජ්‍ය සේවකයින් වෙත නිකුත් කර ඇති ලිපිය සම්බන්ධයෙන් අඳහස්  දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසී ය.

    ''කඩකප්පල් ක්‍රියා කරන්න එපා.රාජ්‍ය නිලධාරීන්ට මෙවැනි ලිපියක් යැවීමෙන් වැරදි පණිවුඩයක් යනවා.මෙවැනි දෙයින් රාජ්‍ය සේවකයින් පොළොඹවාලන්න බෑ. මේ ලිපිය ප්‍රතික්ෂේප කරනවා.'' යැයි පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya