අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වප්පුර පස්ළොස්වක පෝය අදයි

    ඔක්තෝබර් 24, 2018

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (24) යෙදී තිබේ. පොහොය දිනය වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල ආමිෂ හා ප්‍රතිපත්ති පූජා සඳහා ප්‍රමුඛත්වයක් ලබාදී ඇත.

    වප් පෝය දිනය වනවිට බෞද්ධ සිද්ධස්ථානයන්හි වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ, කඨින පූජා පින්කම කෙරෙහිය. වස් පවාරණය සිදුවන්නේ වප් පෝය දිනයේ දී ය. කඨින පූජාවට චීවරකරණයයි කියනු ලැබේ.වර්ෂයේ එක් පෝය දිනයකදී පමණක් උදාවන කඨින පූජාව බෞද්ධයාට ඉතා වැදගත් වේ. කඨින පූජාව ථෙරවාදී බුදු දහම පවතින සෑම රටකම චිරාගත බෞද්ධ චාරිත්‍රයක් ලෙස පිළිගෙන ඇත.

    ශාසන ඉතිහාසයට අනුව සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම,කල්ප ලක්‍ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්‍රී බෝසතානන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහිපැවිදි වීම,අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භක්‍ෂුණී සංඝයාත්,ජය ශ්‍රී මහා බෝධි ධාමයේ දක්‍ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිදු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑතිස් රජුගේ සංදේශයත් සතුටු පඬුරුත් රැ‍ගෙන අරිෂ්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව සැලලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවීමට පිටත්කොට යවන ලද්දේ අද වැනි වප් පුර පසළොස්වක පොහොය දිනයකය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya