අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ක්ෂණික තොරතුරු සේවාව හඳුන්වා දෙයි

    ඔක්තෝබර් 23, 2018

    දේශීය ව්‍යවසායකයින් නංවාලන ''එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා'' ණය යෝජනා ක්‍රමයේ සේවාව පුළුල් කරමින් අද (23) නව ක්ෂණික දුරකතන අංකයක් 1925 ලෙස හඳුන්වාදීමට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කළේ ය.

    මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මාධ්‍ය හමුවට එක්වෙමින් අඳහස් දැක්වූ අමාත්‍යවරයා, එන්ටර්ප්‍රයිස් සංකල්පය ඉදිරිපත් කරලා, මාස කීපයකට පෙර ණය යෝජනා ක්‍රමය ආරම්භ කළා. මේ වනවිට ඉතාමත්ම හොඳ ප්‍රගතියක් ඒ තුළින් දකින්නට ලැබෙනවා. පසුගිය මාස තුන තුළදී  එන්ටප්‍රයිස් ස්‍රී ලංකා වැඩසටහන මඟින් ණය 29389ක් ලබා දී තිබෙනවා. රුපියල් බිලියන 58817.5ක ණය මුදල් ජනතාව අතර ලබාදී තිබෙනවා.මෙම ණය යෝජනා ක්‍රමය දිවයිනපුරා ජනප්‍රිය වී තිබෙන බව ද අමත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya