අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ නිපදවිය හැකි ධාන්‍ය වර්ග ආනයනය කිරීමට ලබන වසරේ සිට බලපත්‍ර ලබා නොදීමට තීරණයක්

    ඔක්තෝබර් 23, 2018

    අපේ රටේ නිපදවිය හැකි ඇතැම් ධාන්‍ය වර්ග ආනයනය කිරීමට ලබන වසරේ සිට බලපත්‍ර ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් තීරණයක් ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරටට ඇතැම් ධාන්‍ය වර්ග ආනයනය කරන ආනයනකරුවන් සමඟ සාකච්ඡාවක් පසුගිය සතියේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති අතර එහිදී මෙම තීරණයට එළඹ තිබේ.

    මෙරට වගා කළ හැකි එමෙන්ම ඊට අවශ්‍ය පහසුකම් තිබෙන බෝග වර්ග රැසක් තවමත් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා විය.

    ඒ අනුව බඩඉරිඟු,උඳු , සෝයා , මුං , තල , කුරක්කන් , රටකජු ඇතුළු ධාන්‍ය වර්ග රැසක් තවමත් ඉන්දියාව , බංගලාදේශය හා පකිස්ථානය වැනි රටවලින් ආනයනය කරනු ලබයි.පසුගිය වසරේ මෙරටට ආනයනය කර තිබෙන රටකජු ප්‍රමාණය මෙ . ටො 4000කි. බඩඉරිඟු මෙ . ටො 1,64,000ක්. උඳු මෙ . ටො 8000ක් ආනයනය කර තිබේ. රටකජු ආනයනය සඳහා රු.මි 689ක් ද, කජු ආනයනය සඳහා රු.මි 750ක් ද , තල ආනයනය සඳහා රු.මි 27ක් ද කුරහන් සඳහා රු.මි 243ක් ද, බඩඉරිඟු ආනයනය සඳහා රු.මි 6627ක් අප විසින් වැය කර ඇත.

    ආනයනකරුවන් විසින් ලබන වසර සඳහාත් ආනයන බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

    එහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ, අපේ රටේ වගා කළහැකි ආහාර බෝග කිසිවක් ලබන වසරේ සිට ආනයනය සඳහා බලපත්‍ර නිකුත් නොකරන බවයි.

    වාර්තා අනුව පරිප්පු , උඳු , මුංඇට , කඩල , වියළි මිරිස්, සීනි , අර්තාපල් , ලොකු ලූනු , කොත්තමල්ලී , සූදුරු , කව්පි , මුද්දරස්පලම් , කහ සහ ඉඟුරු ආනයනය සඳහා වාර්ෂිකව මෙරටින් වැය වන මුදල රු.බි 118කි. මෙයින් බහුතරයක් අපේ රටේම වගා කළ හැකි නමුත් කිසිම ආනයනකරුවෙක් මේ රටේ ගොවියා ශක්තිමත් කිරීමට හෝ උනන්දු කිරීමට කිසිදු පියවරක් නොගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    එම නිසා තමන් ආනයනය කරන බෝග වර්ග මේ රටේ වගා කිරීමට අපේ ගොවීන්ට උදව් කරන ලෙසත් , ඒ සඳහා ඉඩම් අවශ්‍ය වන්නේ නම් ඉඩම් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සූදානම් බවත් අමාත්‍යවරයා කීය.

    එම නිසා අප රටට ආනයනය කරන ඇතැම් බෝග වර්ග සඳහා ලබන වසරේ සිට බලපත්‍ර නිකුත් නොකරන අතර , ආනයනය කරන්නේ නම් ඒ සඳහා පනවන විශේෂ වෙළද භාණ්ඩ බද්ද තවත් කිහිප ගුණයකින් ඉහළ නංවන බවත් සඳහන් කළේය.

    “ඔබ සියලු දෙනා මෙතෙක් කලක් පෝසත් කළේ ඉන්දියාව හා පකිස්ථානයේ ගොවීන්. ඔබලා කළ වැඩෙන් පහර වැදුණේ අපේ රටේ ගොවීන්ටයි. ඔවුන් අස්වනු නෙලා ගන්නා කාලයට ඔබලා නැව් පිටින් එම ද්‍රව්‍ය මේ රටට ගෙන්වනවා.අපේ ගොවියෝ නිෂ්පාදනවලට මිලක් නැතිව මහපාරවල උද්ඝෝෂණ කරනවා. නැවත ඒ තත්ත්වය ඇති වෙන්නට අපි ඉඩ තියන්නේ නැහැ”යි ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya