අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැනුම් සහායකයින් 256ක් බදවා ගැනේ

    ඔක්තෝබර් 23, 2018

    මිනින්දෝරුවන්ගේ සහායට මැනුම් සහායකයින් 256 දෙනෙක් බඳවා ගැනීම සඳහා පත්වීම් ප‍්‍රදානය කෙරේ.

    ඉඩම් ඔප්පු දස ලක්‍ෂයක් බෙදා දීමේ රජයේ වැඩසටහන යටතේ ජනතාව සදහා රජයෙන් ලබා දෙන ඉඩම් මැනීමේ කටයුතු කඩිනම් කිරීම පිණිස මිනින්දෝරුවන්ගේ සහායට මෙලෙස මැනුම් සහායකයින් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.

    පත්වීම් ප‍්‍රදානය ඊයේ ( 22 ) ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ශ‍්‍රවනාගාරයේදී පැවැත්විණ.

    මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ඩබ්.එච්. කරුණාරත්න, අතිරේක ලේකම් ( පාලන) දීප්ති ප‍්‍රනාන්දු, මැනුම්පති පී.එම්.පී. උදයකාන්ත යන මහත්ම මහත්මීන් සහ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතු`ඵ පත්වීම් ලාභීන්ද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya