අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක බැංකු ආධාර යටතේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඉහළ නැංවීමට ඇමරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රතිපාදන

    ඔක්තෝබර් 22, 2018

    මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහනදායී ණය පදනම මත ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟ වී තිබේ. 2018-2024 කාලසීමාව තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ සමාරම්භය 2018-10-22 දින පෙ.ව 10.00ට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට කටයුතු යොදා තිබේ.

    ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ මූලික අරමුණි‍න් ආරම්භ කෙරෙන මෙම  ව්‍යාපෘතිය පහත සඳහන් වැඩසටහන් හරහා ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

    ඒ අනුව, ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම යටතේ, විෂයමාලා නවීකරණය හා විවිධාංගීකරණයටත්, ගුරු සංවර්ධනයටත්, පාසල් පද්ධතියේ ගුණාත්මකභාවය තක්සේරුකරණයටත්, පාසල් නඟාසිටුවීමේ වැඩසටහන බලගැන්වීමටත්, අධ්‍යාපන නායකත්වය හා කළමනාකරණය දියත් කිරීමටත්, අධ්‍යාපනය තුළින් සමාජ සාධාරණත්වය හා අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීමටත් අදාළ ව සැලසුම් කළ වැඩසටහන් හා ක්‍රියාමාර්ග ඉදිරි වසර පහ තුළ ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා තිබේ.

    2020 තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට හා බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා වන 2025 දැක්මට අනුකූල ව එම අරමුණු ළඟා කරගැනීමට ද මෙම ව්‍යාපෘතිය හරහා දායකත්වය ලැබෙන අතර, මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය, හා ඊට අදාළ ජාතික මට්ටමේ අනෙකුත් ආයතන, හා පළාත් අධ්‍යාපන ‍ආයතනවල සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya