මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික රෝහල් නියාමනය අනිවාර්යයෙන්ම සිදු කරනවා- සෞඛ්‍ය අමාත්‍ය

    ඔක්තෝබර් 22, 2018

    පෞද්ගලික රෝහල් විසින් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබුන ද පෞද්ගලික රෝහල් නියාමනය කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අලෙවි නියෝජිත හමුවට පසුගිය 19 දින එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    කොළඹ රාමඩා හෝටයේ දී අලෙවි නියෝජිත හමුව පැවැත්විනි. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල ශාඛා 39 ක් ක්‍රියාත්මක වන අතර, නියෝජිත ඔසුසල 48 ක් ද, වරලත් ඔසුසල 103 ක් ද, ක්‍රියාත්මක වෙයි. මෙම ඔසුසල වල සියලුම නියෝජිතයින් මෙම හමුවට එක්ව සිටියහ.
    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “පෞද්ගලික රෝහල් නියාමනය අනිවාර්යයෙන්ම සිදු කරනවා. පෞද්ගලික රෝහල් එකතු වෙලා ඊට එරෙහිව නඩු පවරා තිබෙනවා. පෞද්ගලික රෝහල් විසින් සිදු කරන අක්‍රමිකතා නැති කළ යුතුයි. සෞඛ්‍ය ව්‍යාපාරයක් වගේම සේවාවක්. රුපියල් සත වලට තීන්දු කළ ප්‍රතිපත්ති වර්තමානයේ මනුස්සකමට තීන්දු කරනවා. පෞද්ගලික රෝහල්වලට අද තරගයක් ඇති වී තිබෙන්නේ රජයේ රෝහල් සමගයි. රජයේ රෝහල් වල නවීන වෛද්‍ය උපකරණ තිබෙනවා. එය පෞද්ගලික රෝහල්වලට ගැටලුවක්. ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ගොඩනැගීම මගේ අරමුණයි. සෑම මැතිවරණ කොට්ඨාසයකම ඔසුසල බැගින් ආරම්භ කිරීමට මම උපදෙස් ලබාදී තිබෙනවා. වසර 2020 වනවිට ශාඛා 150 ක පමණ ජාලයක් ස්ථාපිත කිරීම මගේ අරමුණයි. එවිට ඖෂධ වෙළෙදපොල තුළ තරගයක් ඇති වෙනවා. මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තියේ සියලු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර තිබෙනවා. ප්‍රතිපත්ති තවත් ඉදිරියට ක්‍රියාත්මක කරනවා. ඖෂධ නියාමනය කිරිම අඛණ්ඩව සිදු කරනවා. ගුණාත්මක ඖෂධ වෙළෙදපොලෙන් ඉවත්වන බවට සමාගම් බොරු ප්‍රචාර සිදු කරනවා. ඒවා බොරු ප්‍රචාර, එවැනි ප්‍රචාරවලට මම බිය වන්නේ නැහැ.”


    මෙහිදී වැඩිම අලෙවියක් සිදු කළ නියෝජිත ඔසුසල, අවසර ලත් බෙදාහරින්නන් සහ ඔසුසල ශාඛා වලට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සම්මාන පිරිනමන ලදි.

    සෞඛ්‍ය සේවාව සදහා කළ කැපවීම අගය කරමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට සහ නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතාට සමරු තිළිණ දෙකක් ද පිරිනමන ලදි.


    මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ, කළමණාකාර අධ්‍යක්ෂ ආචාර්ය එච්.එම්.එම් රූමි, සාමාන්‍යාධිකාරි දිනූෂ දසනායක ඇතුලු වෛද්‍යවරුන්, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන වි‍ධායක නිලධාරී කමල් ජයසිංහ යන මහත්වරුන් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya