අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අගුණකොළපැලැස්සේ අක්කර 100ක TEJC අඹ වගා සංවර්ධන කලාපයක්

    ඔක්තෝබර් 20, 2018

    අගුණකොළපැළැස්සේ මුලන ප්‍රදේශයේ අක්කර 100ක TEJC අඹ වගා සංවර්ධන කලාපයක් ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගෙන ඇත.

    මෙම අඹ වගා කලාපය කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගා කලාප සංවර්ධන වැඩපිළිවෙල යටතේ ස්ථාපිත කෙරෙන අතර, ගොවීන් 200ක් විසින් එම වගාව සඳහා යොදා ගැනේ. වගා කෙරෙන අඹ පැළ ප්‍රමාණය පැළ 7000කි.

    මුලන TEJC අඹ වගා සංවර්ධන කලාපයේ වගා කටයුතු සඳහා TEJC අඹ පැළ බෙදාදීම 2018.10.20 දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදු කිරීමට නියමිතය. කෘෂීකර්ම අමාත්‍යාංශය විසින් අරඹන ලද වගා කලාපවල වගා කෙරෙන සමස්ත අස්වැන්න මිලදී ගැනීමට දැනටමත් පුද්ගලික අංශය සමඟ ගිවිසුම්ගතව ඇති බැවින් ගොවීන් හට තම අස්වැන්න අලෙවි කර ගැනීමේ ගැටළුවක් පැන නොනඟී.

    ඒ අනුව මුලන අඹ වගා සංවර්ධන කලාපයේ වගා කෙරෙන TEJC අඹ අස්වැන්න මිලදී ගැනීමට ගිවිසුම්ගත වීම ද ඔක්තෝම්බර් 20 දින සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya