අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “වැව් දහසක් - ගම් දහසක්” ව්‍යාපෘතිය යටතේ 350 වන වැව ප්‍රතිසංස්කරණය කෙරේ

    ඔක්තෝබර් 20, 2018

    කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව දිවයිනේ කුඩා වැව් පද්ධතිය ප්‍රතිසංවර්ධනය කිරිම සඳහා“වැව් දහසක් - ගම් දහසක්” නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

    ඒ අනුව නිකවැරටිය මහගිරිල්ල වැව ප්‍රතිසංවර්ධනය කිරීමෙන් ආරම්භ වූ එම ව්‍යාපෘතිය යටතේ මේ වන විට වැව් 349ක් ප්‍රතිසංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.

    “වැව් දහසක් - ගම් දහසක්” ව්‍යාපෘතිය යටතේ 350 වන වැව හා ගම්මානය වශයෙන් තණමල්විල තෙලුල්ල දෙබරආර “මැද වැව” ප්‍රතිසංවර්ධනය කිරිම හෙට (21 දින) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර  මහතා අතින් සිදු කෙරේ. ඒ සඳහා වැය කෙරෙන මුදල රු.මි. 4කි.

    කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ශ්‍රි ලංකාවේ කුඩා වැව් පද්ධතිය ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා මෙම වසරේ වැය ‍කෙරෙන මුදල රු.මි 3500ක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි. එම වැව යටතේ ඇති ගම්මාන ප්‍රතිසංවර්ධනය කිරිමේ වැඩපිළිවෙලක් ද අරඹා ඇති අතර වැව් යටතේ ඇති යටිගං සංවර්ධනය ද සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya