මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    1990 සුව සැරිය ගිලන් රථ සේවය අද සිට වයඹ පළාතේ ක්‍රියාත්මකයි- 699,979කට ක්ෂණික ප්‍රතිචාර

    ඔක්තෝබර් 19, 2018

    ඉන්දීය රජයේ පූර්ණ ත්‍යාගශීලි ආධාරයක් ලෙස 2016 ජූලි මස ආරම්භ වූ ''1990 සුව සැරිය''  ගිලන් රථ සේවය, අද  (19) සිට වයඹ පළාතේ ද ක්‍රියාත්මක වෙයි.

    ගාස්තු රහිත පූර්ව රෝහල් ප්‍රතිකාර සේවයක් වන 1990 සුව සැරිය ගිලන් රථ සේවය ලක්වාසී ජනතාව ලද මහඟු  දායාදයකි. වයඹ පළතේ ක්‍රියාත්මක සුවසැරිය ගිලන් රථ සේවය ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

    මෙහිදී වයඹ පළාතට ගිලන් රථ 31ක් ලබාදෙයි. හලාවත සඳහා ගිලන් රථ 13 සහ කුලියාපිටියට ගිලන් රථ 17ක්  ලබාදෙන බව සුවසැරිය මෙහෙයුම් කළමනාකරු ගයාන් චතුරංග මහතා පවසයි. 2018 වසරේ ජූලි මාසයේ දී මෙම සේවය උතුරු පළාතට ද අගෝස්තු මාසයේ දී ඌව පළාතට ද සැප්තැම්බර් මාසයේ දී උතුරු මැද පළාතට ද ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබේ. උතුරට ගිලන් රථ 21ක්,ඌව පළාතට ගිලන් රථ 27ක් උතුරුමැද පළාතට ගිලන් රථ 21ක් පසුගිය මාස කීපය තුළ ලබාදී  ඇත.

    මේ පිළිබඳව පණිවුඩයක් නිකුත් සුවසැරිය නිර්මාතෘ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ, ජීවිත ආරක්ෂා කිරීමේ මේ මහඟු උත්සහය, තවදුරටත් ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් ව්‍යාප්ත කිරීමට අත්වැල් බැඳගැනීමට ආරාධනා කරන බවය.

    මේ දක්වා 1990 ලද දුරකතන ඇමතුම් සංඛ්‍යාව 699,979කට ක්ෂණික ප්‍රතිචාර දක්වා,115,641 වතාවක් ගිලන් රථ පිටත් කර යවා මිනිත්තු 12.54 වැනි සාමාන්‍ය කාලයක් තුළ රෝගීන් වෙත ළඟා වෙමින් හදිසි ප්‍රතිකාර අවශ්‍ය  රෝගීන් 104,203 ක් රෝහල් වෙත රැගෙන ගොස් තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya