අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    140 වන ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කෙරේ

    ඔක්තෝබර් 19, 2018

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව - අන්දරවැව ඉදි වූ ‘සරුජයගම’ ආදර්ශ ගම්මානය අද (19) ජනතා අයිතියට පත් කෙරේ.

    මෙම ආදර්ශ ගම්මානය නිවාස හා ඉදි කිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ජනතා අයිතියට පත් කෙරෙන අතර මෙම ව්‍යාපෘතියට නව නිවාස 17ක්, ජල හා විදුලිය පහසුකම්, අභ්‍යන්තර මාර්ග පහසුකම් ඇතුළු ප්‍රවේශ මාර්ග ඇතුළත් වෙයි.

     

    ‘සරුජයගම’ ආදර්ශ ගම්මානයේ පවුල් 17 ට නිවාස හිමිකම් ලබා දීමත්, වටිනාකම රුපියල් ලක්ෂ 85 ක සංවර්ධිත බිම් කොටස් 17 ක හිමිකම් ලබා දීමත්, ප්‍රතිලාභීන් 200 ක් සදහා රුපියල් ලක්ෂ 200 ක වටිනාකමින් යුත් ‘විසිරි ණය’ චෙක්පත් ප්‍රදානයත්, නිවාස සමිතිය සදහා පුටු ලබා දීමත්, ප්‍රතිලාභීන් සදහා RDB බැංකුව මගින් ස්වං රැකියා ණය ප්‍රදානයත්, දෘෂ්ටි ආබාධ සහිත වූවන් සදහා ඇස් කණ්ණාඩි ප්‍රදානය සහ වකුගඩු රෝගී සායනය හා දේශීය වෛද්‍ය සායනයත් මීට සමගාමී ව සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya