අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    44 වැනි ජාතික මහා ක්‍රිඩා උළෙලේ සමාප්ති උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    ඔක්තෝබර් 16, 2018

    පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වුණු 44 වන ජාතික මහා ක්‍රිඩා උළෙලේ සමාප්ති උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් (14) දා පස්වරුවේ පොළොන්නරුව දිස්ත්‍රික් ක්‍රිඩාංගණයේ දී පැවැත්විණි.

     ජාතික මහා ක්‍රිඩා උළෙල පසුගිය 11 වනදා ආරම්භ කෙරුණු අතර පළාත් 09ම නියෝජනය කරමින් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 1543 දෙනෙකු හා නිලධාරින් 443 දෙනෙකු ඊට එක් විය.

    44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පදක්කම් 267ක් ලබා ගත් බස්නාහිර පළාතට සමස්ත ශූරතාව හිමි විය. දක්ෂතම ක්‍රීඩකයා මංජුල කුමාර වූ අතර දක්ෂතම ක්‍රීඩිකාව හෂිනි ප්‍රබෝධා ක්‍රීඩිකාවයි. දක්ෂම ක්‍රිඩක ක්‍රිඩිකාවන් වෙත ජය සංකේත ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    වසර 25 ක සේවා කාලය සම්පූර්ණ කළ ක්‍රිඩා නිලධාරින් අගයමින් රන් සම්මාන පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

    අමාත්‍ය ෆයිසර් මුස්තාපා, රාජ්‍ය ඇමතිණි ශ්‍රීයානි විෙජ්වික්‍රම යන මහත්ම මහත්මීන් සහ පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන්, පළාත් ක්‍රිඩා අමාත්‍යවරුන් සහ ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya