අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාය යෑම් පූර්ව ලකුණු ගැන අවධානය යොමු කළ යුතුයි

    ඔක්තෝබර් 16, 2018

    ස්වාභාවික වනාන්තර රැකගැනීම කෙරේ දැඩි අවධානයක් යොමුකළ යුතු අතරම නායයාමේ පූර්ව ලකුණු පිළිබඳ නිරන්තර සෝදිසියෙන් සිටිය යුතු බව  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කෑගල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ දිල්හානි ජයලත් මහත්මිය ප්‍රකාශ කරයි.

     

    කෑගල්ල දිස්ත්‍රික්කයේ භූමිප්‍රමාණයෙන් 70% ක්ම නාය යාමේ අනතුරු සහිත බැවින් සියළු ඉඳිකිරීම් කටයුතු කිරීමේ දී වඩාත් සැළකිලිමත් විය යුතු බව ද දිල්හානි ජයලත් මහත්මිය පවසා සිටියි.

    එබැවින් ස්වාභාවික වනාන්තර රැකගැනීම කෙරේ දැඩි අවධානයක් යොමුකළ යුතු අතරම නායයාමේ පූර්ව ලකුණු පිළිබඳ නිරන්තර සෝදිසියෙන් සිටිය යුතු බවත් ඇය සඳහන් කළේ, කෑගල්ල දිස්ත්‍රික් ආපදා යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා දිස්ත්‍රික් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩමුළුවකදී ය.

    ආපදා අවස්ථාවකදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සුවිශේෂි සම්පතක් වන බව සහ ඔවුන් ආපදාවක් පිළිබඳ නිවැරදි තොරතුරු ඉක්මනින් අදාළ මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීමේන් ආපදා තත්ත්වය අවම කරගන්න හැකි බවත් මෙම
    වැඩමුළුවේ දේශනයක් පවත්වමින් කාලගුණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පුහුණු හා දැනුවත් කිරීම) අතුල කරුණානායක මහතා සඳහන් තළේය.

    මේ අවස්ථාව සඳහා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍ය වේදීන් 50 කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ. කෑගල්ල රංවල සීල්ක් හෝටලයේ පැවති මෙම වැඩමුළුව දිස්ත්‍රික් ආපදා මධ්‍යස්ථානය හා දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය විසින් සංවිධානය කර තිබුණි.

    DMU/Kegalla

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya