අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට පියවර සම්මුඛ පරීක්ෂණ අද(16) සිට

    ඔක්තෝබර් 16, 2018

     දිවයිනේ ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

     මීට අදාළ සම්මුඛ පරීක්ෂණ අද සිට (ඔක්තෝබර් 16 සිට නොවැම්බර් 10 දක්වා) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වෙයි.. මේ වනවිටත් විදුහල්පතිවරුන් වෙත ඊට අදාළ කැඳවීම් ලිපි යොමු කර අවසන් ය.

     පසුගිය කාලය මුලුල්ලේ නිසි පරිදි පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම හේතුවෙන් ජාතික පාසල් රැසක සුදුසුකම් සහිත විදුහල්පති පුරප්පාඩු නිර්මාණය වී තිබූ අතර මීට අමතරව ඇතැම් විදුහල්පතිවරුන් දීර්ඝ කාලයක් තිස්සේ එකම පාසලක සේවය කර ඇති බව ද අනාවරණය විය.

     ඒ අනුව, ජාතික පාසල්වල පරිපාලනය හා කළමනාකරණය විධිමත් කිරීම පිණිස සුදුසුකම් ලත් ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත්කිරීම කඩිනම් අවශ්‍යතාවක් ලෙස හඳුනාගනිමින්, පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීමටත්, වසර අටකට වැඩි කාලයක් එකම ජාතික පාසලේ සේවය කළ විදුහල්පතිවරුන් වෙනත් පාසල් සඳහා මාරු කිරීමටත් රාජ්‍ය සේවා කොමිසන් සභාවේ අනුමැතිය ද සහිත ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.

     ඒ අනුව ඊට අදාළ සමඟ පරීක්ෂණ ඔක්තෝබර් මස 16 වන දා සිට නොවැම්බර් මස 10 වනදා දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. බඳවා ගන්නා විදුහල්පතිවරුන් 2018 වසර අවසානයට පෙර ජාතික පාසල්වල අදාළ පුරප්පාඩු සඳහා ස්ථානගත කිරීම ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණයි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya