මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පුහුණු කාලය වැඩි කෙරේ

    ඔක්තෝබර් 14, 2018

    මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුලු ඩිප්ලෝමා ලබාගැනීම සිදු කරන පිරිසට ඉදිරියේ දී උපාධි ප්‍රදානය දක්වාම අවශ්‍ය සියලු පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 630 කට ඩිප්ලෝමා ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. උත්සවය කොළඹ ගලධාරි හෝටලයේ දී පසුගියදා පැවැත්විනි.

    මෙහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පුහුණු කාලය වසර 02 දක්වා වැඩි කිරීමේ චක්‍රලේඛය ද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශයට පත් කරන ලදී.
    මෙතෙක් ඔවුන්ට ලබාදුන්නේ වසර එකහමාරක පුහුණුවක් පමණකි. මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් 495 කට ද, දන්ත කාර්මික ශිල්පීන් 07 කට ද, දන්ත චිකිත්සක ශිල්පීන් 132 කට ද, ඩිප්ලෝමා සහතික මෙහිදී ප්‍රදානය කරන ලදි.
    මෙම උත්සවයේ දී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - රුහුණු විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධව උපාධි පාඨමාලා හැදෑරීම සදහා 2019 වසරේ දී අවශ්‍ය මුදල් වෙන් කරනවා. උපාධිධාරි හෙද හෙදියන් බිහි කිරිම සදහා රුපියල් මිලියන 18,500 ක මුදලකින් මහල් 17 කින් යුත් ජාත්‍යන්තර මට්ටමේ හෙද පීඨයක් ඉදිකරනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඖෂධවේදී උපාධි පාඨමාලාව, රුහුණු විශ්ව විද්‍යාලයේ අතුරු වෛද්‍ය සේවා පීඨය ඇති කිරීමට ද අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
    මෙම අවස්ථාවට අතිරේක ලේකම් සුනිල් ද අල්විස්,  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya