මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල පූනාගල වතුයායේ ඉදිකළ නව ගම්මනය ජනතා අයිතියට

    ඔක්තෝබර් 13, 2018

    බදුල්ල දිස්ත්‍රික්කයේ පූනාගල වතුයායේ අම්පිටිකන්ද කොටසේ ඉදිකළ නිවාස 157 කින් යුතු නව ගම්මානය ජනතා අයිතියට පත් කිරීම ඔක්තෝම්බර් 13 වැනි අද දින පෙරවරු 10.00 ට සිදුකිරීමට නියමිතය

     

    සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය‍දොස්තර රාජිත සේනාරත්න මහතා හා කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා යිතියට පත් කෙරේ.


    බදුල්ල - කොස්ලන්ද - මීරියබැද්ද වතුයායේ 2014/10/26 වැනිදා සිදුවූ නායා යෑම හේතුවෙන් පීඩාවට පත් පවුල් 75 ක් සඳහා අප අමාත්‍යාංශය මැදිහත්ව නව නිවාස ඉදිකර ලබා දෙනු ලැබීය.

    ඒ ආසන්නයේම පිහිටි දියගල කොටසේ ජනතාවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කර තිබුණේ තම පදිංචි ස්ථානවලින් ඉවත්වන ලෙසය. තම දුක් ගැනවිල්ල එම ජනතාව අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා වෙත දැනුම්දීමෙන් අනතුරුව ආරක්ෂිත ස්ථානයක ඉදිකළ මෙම නව නිවාස 157 මෙලෙස ජනතා අයිතියට පත් කරනු ඇත.


    මේ සඳහා එක් නිවාසයකට ලක්ෂ 10 බැඟින් රුපියල් කෝටි 15 කට වැඩි මුදලක් අමාත්‍යාංශය වැය කළ අතර විදුලිය, ජලය, මාර්ග ඇතුළු යටිතල පහසුකම් ද ලබාදීමට වැය කර ඇති මුදල ලක්ෂ 170 කි. එමෙන්ම එම නිවාස සඳහා නිරවුල් ඔප්පු ලබාදීමද මෙහිදී සිදු කෙරෙනු ඇත.


    විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා, කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවින්ද්‍ර සමරවීර මහතා, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී රාධක්‍රිෂ්නන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩුවෙල් සුරේශ් මහතා, අරවින්ද් කුමාර් මහතා, චමින්ද විජේසිරි මහතා ඇතුළු බදුල්ල දිස්ත්‍රික්යේ දේශපාලන නායකයින් රැසක් මෙම අවස්ථාවට එක්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya