අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහත්මා ගාන්ධී තුමා දේශපාලඥයකු නොවූ මානව හිතවාදියෙක් - ජනාධිපති

    ඔක්තෝබර් 12, 2018

    දේශපාලඥයකු නොවූ මහත්මා ගාන්ධී තුමා ජාතික නිදහස් සටන් අරගලය ගෙන ගිය සාන්තුවරයෙක් මෙන් ම සැබෑ මානව හිතවාදියෙක් යැයි'' බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

    ජනාධිපතිතුමා අද (12) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය

     

    මහත්මා ගාන්ධී තුමා මුළු මහත් මනව සමාජයටම බිහිවූ සැබෑ මානවවාදියෙක්,විශිෂ්ටයෙක් සහ ශ්‍රේෂ්ඨයෙක්. මහත්මා ගාන්ධී තුමා සැබෑ ලෙසම එතුමා දේශපාලඥයෙක් නොවේ. දේශපාලඥයෙකු නොවූ මානව වාදියෙක්. ඉන්දීය ජාතික නිදහස් සටනේ මහාභාරතයට බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගැනීමට ගෙන ගිය නිදහස්  ජාතික අරගලයේ දී තමාගේ සමකලීන නායකයින් සමඟ එතුමා ලබාදුන් විශිෂ්ඨ නායකත්වය,හිංසාවෙන් තොරව ප්‍රචණ්ඩත්වයෙන් තොරව ගෙන ගියා.

    මහත්මාගාන්ධී චරිතය ඉන්දීය ජනතාව පමනක් නොවේ අසල්වැසි මිත්‍ර රාජ්යයක් වන අප පමනක් නොවේ, මහත්මාගාන්ධී චරිතය මුළු ලෝකයේම ගෞරවයට,ප්‍රණාමයට,භක්තියට,ආදරයට,සෙනෙහසට,දයාවට ලක් වූ චරිතයක්.

    එතුමා අපේ රටට පා තැබූ සැබෑ ඉන්දීය නායකයෙක් වගේම සැබෑ මානව හිතවාදියෙක්. බ්‍රිතාන්‍යය පාලනයෙන් බැට කා පීඩනයට පත් වූ ඉන්දීය ජනතාව ඒ යුගය තුළ හසුරුවන්නට හා ඒ යුගයතුළ නයකත්වය ලබාදෙන්නට එතුමා දැක් වූ දක්ෂතාවය,හික්මීම,විනයගරුකභාවය,ඉවසීම,සැබෑ ලෙස මිනිසුන්ට ආදරය කිරීමේ විශිෂ්ඨ ගුණාංගය,ද පමණක් නොව හෙට උපදින දරුවන් පවා ඉමහත් ගෞරවයට පාත්‍ර කරනවා.

    සටන්වලදී එතුමා තුළ තිබූ ප්‍රචණ්ඩත්වයෙන් තොර, හිංසාවෙන් තොර ජනතාව ඒකරාශී කරගනිමින් ගෙන ගිය එතුමාටම ආවේණික වූ තවත් කෙනෙකුට සමකළ නොහැකි,විශිෂ්ඨ චරිතය, ගැනයි අප කතා කළ යුත්තේ. ගුණ ගායනා කිරීමට හෝ චරිතය පමණක් සිහිපත් කිරීමට පමණක් නොවේ. එතුමාගේ චරිතයෙන් ගත හැකි මහා ආදර්ශ රාශියක් තිබෙනවා. මම මහත්මා ගාන්ධී චරිත කතා කියවා තිබෙනවා. මෙම චරිතය අප අධ්‍යයනය කළ යුතුයි, කියවිය යුතුයි.

    මහත්මා ගාන්ධී චරිතයේ විශිෂ්ඨත්වය, එතුමා දේශප්‍රේමියෙක් ලෙස මහත්මා ගාන්ධීතුමා මොහොමඩ් අලි ජින්නා මැතිතුමාට කිව්වා,පකිස්තානය කියා වෙනම රටක් ඉල්ලන්න එපා කියලා.සියලු දෙනාම එකම රටක ජීවත් වෙමු කිව්වා.

    රටවල් වෙන්වීමත් සමඟ ලක්ෂ ගණන් ජනතාවක් දෙරටට ගලන්න පටන් ගත්තා. කටුක අත්දැකීම ජනතාව ලැබුවා. බොහෝ ප්‍රශ්න ඇති වුණා. මහාභාරතයේ අන්ත්වාදීන් කණ්ඩායමක්,  මහත්මා ගාන්ධි තුමා සැක කළා. අන්තවාදීන් තීරණය කළා, කුමන්ත්‍රණය කරලා, මහත්මා ගාන්ධී තුමා අමු අමුවේ ඝාතනය කළා.

    අද ලෝකයම ගරු කරන,මානවවාදී විශිෂ්ඨත්වය සහ ශ්‍රේෂ්ඨත්වය පෙන්නුම් කරන සැබෑ ගුණගරුක මිනිසා දේශපාලඥයකු නොවූ ජාතික නිදහස් සටන් අරගලය ගෙන ගිය සාන්තුවරයෙක් වශයෙන් හැදින්විය හැකියි. මේ රටේ පුරවැසියෙක් ලෙස ,මේ රටේ ප්‍රධාන මහජන සේවකයා ලෙස සතුටු වෙනවා, මෙවැනි මහා ශ්‍රේෂ්ඨ චරිතය පිළිබඳව මේ ගරු සභාවේ කාලය වෙන් කරලා,ගුණ කථනයන් කරන්නට අවස්ථාව දීම පිළිබඳව. මහත්මා ගාන්ධී චරිතය අප කියවිය යුතුයි යැයි ද ජනාධිපතිතුමා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya